BREAKING NEWS
latest

728x90

468x60

ලංකාවට ගෙනාපු දවසෙත් අතුරුදන් වූ ගම්පෙරළියේ රණ මයුර සම්මානය

රේඛාව, ගම්පෙරළිය, නිධානය ආදී සිය විශිෂ්ට නිර්මාණ ජාතියට දායාද කර ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පිරිස්‌ ජාතියට සමුදීමටත් පෙර, ඔහුගේ සිනමා ජීවිතයේ පමණක්‌ නොව, සිංහල සිනමා වංශ කතාවේ ද ජය මුද්‍රdවක්‌ බඳු රණ මයුර සම්මානය, හොරු අරගෙන ගොස්‌ තිබේ. ලෙස්‌ටර්ගේ දේහයට මඳක්‌ ඔබ්බෙන් ඔහුගේ නිවසේ තැන්පත් කර තිබූ, ඔහු දිනූ රණ මයුර සම්මානයට කුමක්‌ වුවේද...?

ලෙස්‌ටර් ගම්පෙරළිය චිත්‍රපටය සඳහා 1965 නවදිල්ලි සිනමා උළෙලේ දී හොඳම චිත්‍රපට අධ්‍යක්‌ෂණය සඳහා මෙකී රණ මයුර සම්මානයෙන් පිදුම් ලැබුවේය. එදා සිට අද දක්‌වාම එය ඔහුගේ නිවසේ සුරැකිව තිබුණි. 

සිංහල සිනමාව මේ සම්මානය දිනා ගන්නේ ජනවාරි 21 වැනිදා දිනකය. එය සිංහල සිනමාවේ ආලෝකවත්ම දිනයය. 

ථම සිංහල කතානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව තිරගත වන්නේ ජනවාරි 21 වැනිදා දිනකය. 1965 වසරේදී මුල් වරට ලාංකික සිනමාව ජාත්‍යන්තර ජයග්‍රහණයක්‌ ලෙස ගම්පෙරළිය රණ මයුර සම්මානය ලබන්නේ ද ජනවාරි 21 වැනිදාය. 1968 දී මිනිසා සහ කපුටා රජත මයුර සම්මානය දිනන්නේ ද 1987 දී අනෝජා විරසිංහ මල්දෙනියේ සිමියොන් චිත්‍රපටයේ රංගනය උදෙසා රජත මයුර සම්මානය දිනන්නේ ද ජනවාරි 21 වැනිදා දවසකය. 

ලෙස්‌ටර්ගේ දේහය තැන්පත් කර තිබූ ස්‌ථානය අසල මෙකී සම්මානයද ප්‍රදර්ශනය කර තිබූ අතර ඒ බව මෙහි දැක්‌වෙන සේයාරූ වලින් සනාථ වේ. අවමංගල්‍ය දිනය වූ අද විශාල පිරිසක්‌ නිවසට පැමිණ තිබිණ. උදේ 10.30 ට කතෝලික අවමංගල වතාවත් සිදුකිරීම සඳහා දේහය නිවසින් පිටතට ගෙන ඇත. එහිදී දේහයේ සේයාරූ ගත් පවුලේ වෛද්‍යවරයා විසින් පසුව සේයාරූ පරීක්‌ෂා කරද්දී දේහය අසල තිබූ රණ මයුර සම්මානය අතුරුදන්ව ඇති බව නිරීක්‌ෂණය වී තිබේ. පසුව ලෙස්‌ටර් මහතාගේ ඥාති දියණියක විසින් ඒ පිළිබඳ බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබුණි.

සිංහලයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ තුන් ඈඳුතු නව කතාවේ පළමු නවකතාව වන 'ගම්පෙරළිය' 1962 වසරේදී ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිසුන් අතින් සිනමාවට නැඟීම සිංහල සිනමාව මතු නොව ලෝක සිනමාව විෂයෙහිද පැසසුම් කටයුතු කරුණක්‌ විය.

එය එසේ වන්නේ නවකතාකරුවාගේ කල්පනා ලෝකය ඉක්‌මවා එම ලෝකයේ නිම්වළලු පුළුල් කළ හැක්‌කේ කවරාකාරයෙන් දැයි යන්නට ගම්පෙරළිය සිනමා පටය කදිම නිදසුනක්‌ සපයන බැවිනි.

එය 1963 වසරේදී ඉන්දියාවේ 'ගෝල්ඩන් පීකොක්‌' (රජත මයුර) සම්මානයෙන් පුද ලද්දේ එම චිත්‍රපටයේ යට කී ගුණය නිසාවෙනි.

නවකතාකරුවාගේ පරිකල්පනය මනා ලෙස ග්‍රහණය කර ගන්නා සිනමාකරුවා එකී මනස්‌ලෝකය සෙලොලයිඩ් පට මත චිත්‍රණය කරන්නේ සිනමාවට ආවේණික වූ මනා සිනමාත්මක රීතියකිනි.

1964 වසරේදී ලෙස්‌ටර් 

ඡේම්ස්‌ පීරිස්‌ මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරළිය චිත්‍රපටය නිෂ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ

ගම්පෙරළියට හොඳම චිත්‍රපටය උදෙසා සම්මානය ලබා දීම අපේ සිනමා වංශ කතාවේ සදාතනික ජයග්‍රහණයක්‌ විය. අපේ සිනමාවට මෙවැනි ජයග්‍රහණ රාශියක්‌ නැත. ඇත්තේ අල්පයකි. 'ගම්පෙරළිය'ට රණමයුර සම්මානය පිරිනැමීම සඳහා විරචිත හේතු පාඨයේ මෙසේ දැක්‌විණි. පෞද්ගලික සබඳතා ගවේෂණයෙහිත් විවරණයෙහිත් දැක්‌ වූ ලාලිත්‍යමය හා හෘදයංගම බව උදෙසා'.

'_ගම්පෙරළිය' සම්මානය දිනූ වසරේ විනිශ්චය මණ්‌ඩල සභාපති ලෙස කටයතු කළේ ප්‍රකට ඉන්දීය සිනමාකරු සත්‍යජිත් රායිය. කේ. ඒ. අබ්බාස්‌ (ඉන්දියාව) ආන්ද්‍ර වඡ්ඩා (පෝලන්තය) මැග්ඩා මැතිනිය (ඊජිප්තුව) කේ. කවකිටා මැතිනිය (ජපානය) ලින්ඩ්සේ ඇන්ඩර්සන් (එංගලන්තය) මහාචාර්ය ඒ. එම්. බෞසිල් (චෙකොස්‌ලොවැකියාව) එම්. කේ. කලටසෝව් (සෝවියට්‌ දේශය) සෙසු විනිශ්චය මණ්‌ඩල සාමාජිකයෝ වූහ. එසේම ගම්පෙරළිය මොස්‌කව් හි අකපුල්කෝ හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් පිළිබඳ අටවැනි ජගත් සමාලෝචනයේ දී 'ගෝල්ඩන් හෙඩ් ඔෆ් පැලෙන්ක්‌ර් සම්මානය ද දිනා ගත්තේය. එපමණක්‌ නොව පළමු සරසවි සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය දිනා ගන්නා ලද්දේ ද ගම්පෙරළිය විසිනි. 

තුන්වැනි අන්තර් ජාතික ඉන්දීය චිත්‍රපට උළෙලේදී ගම්පෙරළිය සම්මාන ලබා ගත්තා සේම ඩී. බී. නිහාල්සිංහගේ 'මල්දෙණියේ සිමියොන්' චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපෑ අනෝජා වීරසිංහ 1987 පැවති, 11 වැනි අන්තර් ජාතික ඉන්දීය චිත්‍රපට උළෙලේ දී හොඳම නිළිය සඳහා පිරිනැමෙන රජත මයුර සම්මානය දිනා ගත්තාය

ලෙස්‌ටර් ඇතුළු පිරිස මෙම සම්මානය රැගෙන කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඡායාරූප ගැනීමෙන් පසු, මෙම කණ්‌ඩායම පිළිගැනීමට පැමිණි මහ පිරිස්‌ අතර 'රණ මයුර' සම්මානය අතින් ගත් ලෙස්‌ටර්ගේ හා ඇන්ටන් වික්‍රමසිංහගේ ඡායාරූප ගන්නට පැමිණ සිටි මාධ්‍යවේදීහු 

රැස්‌කන්නට වූහ. එයින් පසුව දැනගන්නට ලැබී ඇත්තේ සම්මානය නොමැතිව ලෙස්‌ටර් සිය නිවසට ගොස්‌ ඇති බවය. මේ පිළිබඳව පැතිරී ගිය කට කතාව වූයේ 'කවුදෝ හොරෙක්‌ සම්මානය අරගෙන...' කියාය. පසුව දැන ගන්නට ලැබුණේ, එම සම්මානය, ඇන්ටන් වික්‍රමසිංහ විසින් ගෙදර ගෙන ගොස්‌ ඇති බවය. ලැබුණු දවසෙත් අමුතු අතුරුදන් වීමකට ලක්‌වූ රණ මයුර සම්මානය මේ වන විට පවතින්නේද අතුරුදන් තත්ත්වයකය. 

ඔසිත අත්තනායක

« PREV
NEXT »

Facebook Comments APPID