BREAKING NEWS
latest

728x90

468x60

කාන්තාවන් රැඳී සිටින තැන්වලට සර්පයන් දමා 'ඔන්න මිස්‌ සර්පයෙක්‌' කියා රන් මාල කොල්ලකන අයෙකු කොටුවෙයි

විෂ සහිත සර්පයින් අල්ලා මිනිසුන් සිටින ස්‌ථානවලට හොර රහසේ දමා ඔවුන් බියට හා කලබලයට පත්කොට මංකොල්ල කෑමේ යෙදී සිටි පුද්ගලයකු ලබන 23 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පොළ වැඩබලන මහෙස්‌ත්‍රාත් නිලන්ත පිළපිටිය මහතා නියෝග කළේය.

මෙවැනි සිද්ධි ගණනාවක්‌ සිදුකොට වරෙන්තු පිට සිටි මොහු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ගම්පොළ මරියාවත්ත ප්‍රදේශයේ පදිංචි මොහු කුඩු නුවන් (නුවන් කුමාර) ලෙස ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටින අයෙකි.

විෂ සහිත සර්පයන් අල්ලා එම සතාට පහර දී අඩපණ කොට මොහු මෙම ක්‍රියාව සිදුකොට ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

මේ ආකාරයට පොළඟෙකු අල්ලා ගම්පොළ ගල්ගෙඩියාව ප්‍රදේශයේ ඇති නාගරික පුස්‌තකාලයේ සේවයේ නියුතු කාන්තාවන් තිදෙනකු වෙත දමා ඔවුන් බියකර ගෙල බැඳි මාල මංකොල්ල කෑමට සැලසුම් කොට සර්පයා බිම දමා "ඔන්න මිස්‌ සර්පයෙක්‌" කියා බිය වද්දා තිබේ.

වඩාත් බියට පත් කාන්තාවන් තිදෙනාගේ කෑ ගැසීම වැඩිවීම නිසා අසල වූ වෙළෙඳසලේ මුදලාලි පොල්ලක්‌ රැගෙන පැමිණීමත් සමඟ මොහුගේ සැලසුම වෙනස්‌ කරගෙන ඇත.

පුස්‌තකාලය තුළ මුදලාලි සර්පයා සොයද්දී අසල වූ වෙළෙඳසලට ගොස්‌ එහි ලාච්චුවේ තිබූ රුපියල් 8000 ක්‌ වූ මුදල රැගෙන පලා ගොස්‌ තිබුණි.

මේ ආකාරයට මොහු රටේ විවිධ ප්‍රදේශ වලට ගොස්‌ කාන්තාවන් සිටින ස්‌ථාන වලදී ඔවුන් බියකර මුදල් හා රන් භාණ්‌ඩ පැහැරගෙන ගොස්‌ ඇති බව පරීක්‍ෂණ පවත්වන පොලසිය අනාවරණය කරගෙන ඇත.

කඩවත ප්‍රදේශයේ අන්නාසි වෙළෙඳ සලකට ගොස්‌ මේ ආකාරයට එහි සිටි කාන්තාව බියකර මුදල් මංකොල්ල කෑමට උත්සාහ කිරීමේදී පැමිණි පිරිසක්‌ මොහු අල්ලා පහරදී ඇති අතර එහිදී ලාච්චුවේ තිබූ මුදල් ගත් අත මේසයක්‌ මත තබාගෙන සිටියදී ලී පතුරකින් පහරදීම නිසා ඔහුගේ එම අතට බරපතල හානි සිදුවී තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID