යතුරුපැදියකින් රත්මුලුකන්ද විහාරයට ගොස් ආපසු එමින් සිටි පෙම් යුවළක් ප්‍රපාතයකට ඇදවැටීමෙන් 17 හැවිරිදි පෙම්වතිය වූ පාසල් සිසුවිය එම ස්‌ථානයේම මියගොස් ඇති බව පොලිසිය පවසයි.
7 වැනිදා සවස සිදු වූ එම අනතුරින් බරපතළ තුවාල ලද 18 හැවිරිදි තරුණයා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
අනතුර හේතුවෙන් ජීවිතක්‌ෂයට පත්ව තිබුණේ මූණමල්දෙනිය දුනකෙයාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙහාරා ෂනක්‍ෂි සුසුවින්ධ්‍යා දිසානායක නමැති 12 ශේ්‍රණියේ සිසුවියෙකි. මවුපියන් නිවෙසේ නොසිටි අවස්‌ථාවක ඇය පෙම්වතාද නංවාගෙන යතුරුපැදියෙන් ගොස් ඇතැයි පොලිස් පරීක්‌ෂණවලදී හෙළි වී තිබේ.
පොලිසිය පැවසුවේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ අයකු වූ තරුණයාගේ තත්ත්වය බරපතළ බවයි.
මවුපියන් වන්දනා ගමනකට සහභාගි වෙමින් සිටින අතරේදී දැරිය යතුරුපැදිය පදවාගෙන පැමිණ මූණමල්දෙනිය ප්‍රදේශයේදී අදාළ තරුණයා නංවාගෙන රත්මුලුකන්ද ප්‍රදේශයට ගොස් ඇති අතර තරුණයාගේ මිතුරන් දෙදෙනකුද වෙනත් යතුරුපැදියකින් ගමනට සහභාගි වී ඇත.
නැවත ආපසු එන ගමනේදී යුවළ අධික බෑවුම් ප්‍රදේශයේදී යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට පෙරළී ඇත. මේ බව නොදුටු පිටුපසින් පැමිණි මිතුරන් දෙදෙනා බොහෝදුරක් ගොස් තිබේ. පසුව යුවළ නොමැති බව දැන නැවත එම කඳු ප්‍රදේශයට එන විට ඇදවැටී සිටි යුවළ දැක ඇත. පසුව ප්‍රදේශවාසීන්ගේ සහායද සහිතව ඔවුන් කුලියාපිටිය රෝහලට රැගෙන ඒමට කටයුතු කළත් දැරිය එම ස්‌ථානයේදීම ජීවිතක්‌ෂයට පත්ව ඇත