BREAKING NEWS
latest

728x90

468x60

ගජමෑන්ගේ ඹබ නොදත් කතාව

70 දශකයේ පුවත් පත් මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ කාටුන් චරිතයක් ලෙස ගජමෑන් හදුන්වාදිය හැකිය.


කැමිලස් පෙරේරා කාලාකරුවාගේ ගජමෑන් ඇතුළු ඔහු විසින් නිර්මානය කරන ලද තවත් කාටුන් චරිත කිහිපයක් පාදක කරගනිමින් මෝෂන් කැප්චර් තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වන ප්‍රථම චිත්‍රපටය ගජමෑන් වේ.

ගජමෑන් චිත්‍රපටය තවත් නොබෝ දිනකින් දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරිමට නියමිත‍ය.

මෙරට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත්‍ර වූ අතිප්‍රභල ප්‍රකාශනාත්මක චරිතයක් නූතන සන්නිවේදන ලෝකය හමුවට රැගෙන ඒම මෙම චිත්‍රපටය ඔස්සේ සිදුවේ.

ඇවෙටර් , ටින් ටින් වැනි ලෝකප්‍රකට දැවැන්ත සිනමා කෘති නිර්මානය කෙරුණු මෝෂන් කැප්චර් තාක්ෂණය භාවිතයෙන් නිර්මානය වී ඇත.

මෘදුකාංග ආධාරයෙන් සජීවී කරණය කළ චරිත වල ක්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කිරීම මෝෂන් කැප්චර් තාක්ෂණය ඔස්සේ සිදුවේ. 

මෙම නිරිමාණයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කරනුයේ චානක පෙරේරා කටයුතු කරනු ලබයි.

මෙහි හඩ මුසුවෙන් දායක වන ප්‍රධානම ශිල්පීන් අතර සුනෙත් චිත්‍රානන්ද, ගාමින්ද ප්‍රිය විරාජ් (චූටි මල්ලී,පොඩි මලිලී) සුනිල් පෙරේරා,යුරේනි නොෂිකා සහ ශෂිප්‍රභා සංදීපනී යන කලාකරුවන් කටයුතු කරයි.

මෙම 3D නිර්මාණය මෙරට පෙරළිකාර වෙනසක් සිදු කරනු ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID