පාසල් ළමයින්ගේ විනය පිරිහී ඇති බවට විශාල චෝදනාවක් මතුවෙමින් පවතී. රටේම විනය පිරිහී ඇති පසුබිමක දරුවන් ගැන කුමන කතාවක්‌ද? දෙමාපියන්ට තම දරුවන් තරම් උතුම් වස්‌තුවක් තවත් නැත. දරුවන් හැදුම වැඩුම මෙන්ම යහපත් පුරවැසියකු බවට පත්කිරීම දෙමව්පියන් සතු වගකීමකි.
මේ වගකීම කලක් තිස්‌සේ පැහැර හැර ඇති නිසා ශ්‍රී ලාංකික සමාජ සංස්‌ථාව පිරිහී යන්නේ ෙ€දජනක අන්දමටය. කකුළුවා ඇදේට ගමන් කරමින් උන්ගේ පැටවුන්ට කෙළින් වරෙල්ලා යයි කීම වැනි කතාවකි දෙමාපියන් හා වැඩිහිටියන් නොපනත්කම් කරමින් වැරැදි ලෙසට හැසිරෙමින් තම දූ පුතුන්ට හොඳට හැදියල්ලා කීම.
දරුවන්ට දොස් කියන වැඩිහිටියනි. නුඹලා පළමුව ආදර්ශවත් ජීවිතයක් ගතකර අනතුරුව තම දරුවන් ගැන කතා කරමු. අද සමාජයේ කෙරෙන අපරාධ ගැන කතා කරන විට නිරගෙවල් පිරී ඇත්තේ කෙසේද කියා හිතාගත හැකිය. දරුවෝ කොපමණ සංඛ්‍යාවක් බාල අපරාධකරුවන් වී සිටීත්ද? දෙමව්පියන් සිරගෙවල්වල සිටින්නේ තම දරුවන්ගේ අනාගතය අඳුරු කරගෙනය. ළමා නිවසවල
රැකවරණය ලබන දරුවන්ගේ සංඛ්‍යාව ද දිනපතා වැඩිවේ. දෙමාපියන් තම දරුවන් ගැන මීට වඩා සොයා බැලීමක් අවශ්‍යයි. දරුවා පාසලේ රැඳී සිටින කාලයට වඩා වැඩි කාලයක් ඉන්නේ දෙමව්පියන් රැකවරණය යටතේය. පාසලට යන දරුවා ටියුෂන් පංතියේ ද කාලය ගතකරන බව දෙමව්පියෝ දති, පාසලට වඩා දරුවන්ගේ යන එන තැන් ගැන දෙමව්පියන් විසින් සොයා බැලිය යුතුව ඇත. ටියුෂන් පංතිවලට යන දරුවන්ගෙන් දෙමාපියන්ගේ බලාපොරොත්තු සුන් වූ අවස්‌ථා ද වාර්තාවේ. වරදක් දුටු විට අවවාදයක් කරන්නටවත් අද ගුරුවරු නොව විදුහල්පතිවරු ද ඉදිරිපත් නොවෙති. වරදට දඬුවම් කරන්නට ගිය ගුරුවරුන් කීදෙනෙක් අමාරුවේ වැටී සිටිත්ද?
තම දරුවන් ආශ්‍රය කරන සම වයස් කණ්‌ඩායම් ගැන යන එන තැන් ගැන පමණක් නොවේ පරිහරණය කරන විද්යුත් උපකරණ ගැන ද සොයා බැලිය යුතුව ඇත. පොත්පත් පෑන් පැන්සල්වලට අමතරව ලැප් ටොප් හෑන් ෙµdaන් වැනි දේද ළමෝ පරිහරණය කරති. විද්යුත් උපකරණ වැරැදි භාවිතය නිසා පාසල් වියේදීම ජංගම දුරකථන අමාරුවේ වැටෙන තරුණ තරුණියන් පමණක් නොවේ හිරිමල් වියේ දරුවන් ගැන ද කතා කළ යුතුව ඇත. තම දරුවන් ගෙදරදී කරන වැඩ ගැන දෙමව්පියන්ගේ සොයා බැලීම ප්‍රමාණවත් නැහැ. ළමුයින්ට ඕනෑවට වඩා නිදහස ලබාදීමෙන් පසුතැවිලිවීමට සිදුවේ. දරුවෝ ද වැඩිහිටියන් නොසලකා හැර අවවාද පිළි නොපදිමින් අමාරුවේ වැටෙති.
වත්මන් සංකීර්ණ සමාජයෙන් පාසල වෙත එන ළමයා තුළ ගුරු ගෞරවයක් නැත. සදාචාරයක් නැත. ඉවසීමක් තැන්පත් බවක් නැත. පංති කාරයේදී ගුරුවරයාට මුණගැසෙන්නේ ළමා ගති නැති මිනිස් රූපයකි. දැනුම ආකල්ප කුසලතාවලින් යුත් දරු පිරිසක් පාසලෙන් පිටත් කිsරීම සඳහා ගුරුවරුන් නොගන්නා උත්සාහයක් නැත. සිසුන් සමඟ පමණක් නොවේ දෙමව්පියන් සමඟ ද ගැටුම් ඇතිකර ගනිමින් ගුරුවරු අමාරුවෙන් තම රාජකාරිය කරගෙන යති. අද පවතින සමාජ ආර්ථික දේශපාලන සංස්‌කෘතික පසුබිම සතුටුදායක නැත.
මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවී තිබේ. මතට තිත කියන්නට පිඹුරුපත් සකස් කෙරේ. නමුත් මතට තිතක් නොවේ කොමාවක්‌වත් තියා ගන්නට නොහැකිය. පාසල් ළමුයින්ට ද මත් පෙති විවිධ ටොµs වර්ග බීම වර්ග විකුණා මඩි තරකර ගනිති. වෙනදා හොරෙන් හොරෙන් දුම් පානය කළ ළමෝ දැන් ගංජා වැනි දේද මත්ද්‍රව්‍යය ද ගැන අත්හදා බැලීම් කර සදාකාලිකවම අමාරුවේ වැටෙති. පාසලෙන් උසස් අධ්‍යාපනයට යොමුවන ශිෂ්‍ය පිරිසට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව පාසලෙන් ගිලිහී
රැකියා විරහිත අය බවට පත් වෙති. පාසලෙන් ගිලිහී යන තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීමට වැඩපිළිවෙළක් සම්පාදනය විය යුතුව ඇත.
අතීතයේ සෞභාග්‍යයෙන් පිරී පැවති මේ දේශය තුළ අද දක්‌නට ඇති පිරිහීම කනගාටුදායකය. අතීත ශ්‍රී විභූතිය ගැන කතා කරන විට වැව් බැඳි රාජ්‍ය අහස සිඹගත් වෙහෙර විහාර සීගිරිය වැනි නිර්මාණ අද ද දැකිය හැකියි. එවැනි පසුබිමකට මේ රට යළිත් ගෙන යන්නට නම් විධායකය ව්‍යවස්‌ථාදායකය මෙන්ම අධිකරණය ද මීට වඩා සවිශක්‌තිමත් විය යුතුයි. රට කරවන ඇත්තෝ බොරුකාරයෝය. නිදහසින් පසු නොදියුණු ජාතියක් මෙන්ම දේශයක ජීවත් වන අපි අපගේ දූ දරුවන්ගේ අනාගතයක් ගැන කෙසේ විශ්වාසයක් ඇතිව කල් ගෙවන්නෙමුද? ඉහළ තැනින්ම ආදර්ශයක් අවශ්‍යය. එකිනෙකා ඇණ කොටා ගන්නා සමාජ ක්‍රමයක් උදාවී තිබේ. දරුවන්ට අසන්නට දකින්නට ඇත්තේ ආදර්ශවත් දේද නැත. කුඩුකාරයන් එතනෝල්කාරයන් කොමිස් කාක්‌කන් ස්‌ත්‍රී දූෂකයන් මිනීමරුවන් ගැන කතා කරති. ජන නායකයන් ගැන පරමාදර්ශී දේශපාලන නායකයන් ගැන නොකියති. පවතින දේශපාලන රාමුව තුළ දරුවන් හදා වඩා ගැනීම ද අමාරුය.
අප මේ ගත කරන්නේ භීක්‍ෂණ සමයකය. උතුරු නැගෙනහිර කොටි භීෂණය නතර වුණත් භීෂණය තුරන් වී නැත. ආයුධ සංස්‌කෘතිය 1971 කැරැල්ලෙන් පසු ශ්‍රී ලංකාවේ ආරම්භ විය. මේ ආයුධ සංස්‌කෘතිය පාසලටත් විශ්වවිද්‍යාලයටත් බලපෑමකි. ළමයාගේ මනස විකෘති කරන මේ ආයුධ සංස්‌කෘතිය සාරධර්ම අගය කරන සමාජයකට යෝග්‍ය නොමැත. පාසල මෙන්ම විශ්වවිද්‍යාලය ද උගතුන් බිහිකරන තැනක් බවට පත් නොවෙමින් පවතී. එදා මෙන් උගතුන් අද නැත. සංවේදී මිනිසුන් විප්ලය. භාෂාව සාහිත්‍ය කලාව රස වින්දනය නොව වල්මත් වී හසරක් නොදකින සමාජ සංස්‌ථාවකි. මෙවැනි සමාජයක පාසල් දරවන්ගේ විනය පිරිහීමක් ගැන කතා කිරීම විහිළුවකි.
කරුණු කෙසේ වෙතත් තවමත් සමාජයෙන් ගුරු ගෞරවය නැතිවී ගොස් නැත. දෙමව්පියන් ආගමික පූජකවරුන් හැරුණු විට අපි දෙපා වැඳ ගෞරව දක්‌වන්නේ ගුරු මෑණිවරුන්ටය. පියවරුන්ටය. දරුවන් වැඩිහිටියන් වී දෙමව්පියන් වූ දිනක තම දෙමව්පියන්ගේ අගය වැටහේ. ගුරුවන්ගේ අගය දැනෙන්නේ පාසල් අධ්‍යාපනයෙන් පසු හොඳ
රැකියාවක් කරන විටය. අනේ අපි මේ තත්ත්වයට ගෙන ආවේ අපේ ගුරුවරුන් නිසා යයි ඔවුහු කියති. සිරගෙවල්වටල වැටී අපා දුක් විඳින විට දෙමව්පියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ අගය සිහි වේ.
දෙමව්පියන් දරුවන්ට දෙන්නේ වැරැදි ආදර්ශයන්ය. දරුවාට දඬුවම් දුන්නොත් පාසල ඉදිරිපිටට ඇවිත් උද්ඝෝෂණ කරති. දේශපාලන බලපෑම් කර විදුහල්පතිවරුද මාරු කරවති. තම දරුවාට දඬුවමක් දුන් විට ඒ ගැන පාසලට ගොස් සොයා බලා දරුවා වරදක් කර ඇත්නම් ඒ ගැන දරුවාට කියාදී ගුරුවරයාට හිත සතුටුවන අන්දමට කටයුතු කළ යුතුයි. බෞද්ධ සාහිත්‍යයේ, දිසාපාමොක් ආචාර්යවරයා එදා තල හොරෙන් කෑව ශිෂ්‍යයකුට කළ දඬුවම් කිරීමක් ගැන කියන කතාවක් මෙහිදී සිහිපත් වේ. එදා දඬුවම් විදි ඒ ශිෂ්‍යයා පසුව රජකු වී ගුරුවරයා හමුවට ඇවිත් මා අද රජ වූයේ ඔබතුමා, එදා වරදට දඬුවම් කළ නිසා යයි කීම අද සමාජයේ දෙමාපියන්ට ගත හැකි ආදර්ශවත් බෞද්ධ කතාවකි.
පාසල කියන්නේ රටේ අනාගතය සකස් කරන තැනයි. වර්තමානයේ ඉතා අමාරුම රාජකාරියක් වී ඇති විදුහල්පති තනතුර පිළිබඳව අපි මීට වඩා පරිස්‌සමෙන් මෙන්ම සැලකිල්ලකින් සොයා බැලිය යුතුයි. මේ තනතුරට සුදුස්‌සන් පත් නොවුණහොත් සිදුවන්නේ අනර්ථයකි. ළමා පරපුර රැක නොගත්තොත් රටේ අනාගත පැවැත්මක් ද නොමැත. දෙමාපියනි වැඩිහිටියනි දරුවන්ගේ අනාගතය අඳුරු නො කරනු මැනවි.
කේ. මතිලාල් - අක්‌මීමන