BREAKING NEWS
latest

728x90

468x60

දීපිකාගේ පැරණි පෙම්වතාවන රන්බීර් කපූර්ගෙන් දීපිකාට දුන් උණුසුම් හාදුව නිසා සිදු වූ දේ

රන්බීර් කපූර් හා දීපිකා පදුකෝන් යුවළ කාලයක් හරිම ආදරණීය පෙම්වතුන් විධියට හිටිය බව නම් කාටත් රහසක් නෙවෙයි. ඒ වුණත් දැන් නම් මේ දෙන්නා අතරේ එතරම් සුහදත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ.

කාලෙකට පස්සේ හදිසියේම මේ දෙන්නා එකම වේදිකාවක දකින්න ලැබීමත් කාටත් පුදුමයක් වුණා. ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී මනිෂ් මල්හෝත්‍රාගේ විලාසිතා දැක්මක දී රන්බීර් – දීපිකාගේ ආකර්ෂණීය රංගනයක් හැමෝටම දැකගන්න ලැබුණා. මේ තරු අතරට බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්‍ෂ කරන් ජොහාර්ගේ එක්වීමත් විශේෂත්වයක් වුණා.

මේ උත්කර්ෂවත් විලාසිතා දැක්මේ දී මාධ්‍යයේ ඇහැ යොමුවෙලා තිබුණෙත් රන්බීර් – දීපිකා යුවළ වෙතටයි. මේ අතරතුරේ දී සුහදව කතා බහ කරමින් රන්බීර් දීපිකාව වැලඳ ගනිමින් උණුසුම් හාදුවක් දෙන ඡායාරූපයක් සමාජ ජාලයට එක්වීමත් එක්කම දැන් කාගේත් අවධානය ඔවුන්ගේ පැරණි පෙම හා යාවෙලා. ඒ කොහොම වුණත් දීපිකා දැන් ආදරය කරන්නේ රන්වීර්ට. ඒ බව ඇය ප්‍රසිද්ධියේ මාධ්‍යයටත් කියා තිබුණා.
« PREV
NEXT »

Facebook Comments APPID