BREAKING NEWS
latest

728x90

468x60

නිවසක සාදයකට මසට ගෙනා ගල්ඉබ්බන්ගේ දිවි බේරුණු හැටි

ආණමඩුව මුදලක්‌කුලිය ප්‍රදේශයේ නිවසක පැවැත්වීමට සූදානම් කර තිබූ සාදයකට මස්‌ පිණිස සකස්‌ කිරීමට රැගෙන ආ ගල් ඉබ්බන් සිව් දෙනකු ආණමඩුව පොලිසිය විසින් බේරා ගැනීමට කටයුතු කළේය.

පෙරේදා (16 වැනිදා) මෙම වැටලීම සිදුකර තිබේ.

ආණමඩුව පොලිසියේ ස්‌ථානාධිපති පො.ප. උපාලි රත්නමලල මහතාට ලද තොරතුරක්‌ මත සාදය පැවැත්වීමට නියමිතව තිබූ නිවසේ ගෙවත්තේ අතහැර දමන ලද ළිඳකට දමා සිටියදී මෙම ඉබ්බන් සොයාගෙන තිබේ.

ඉබ්බන් රැගෙන ආ සැකකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.

අත්අඩංගුවට පත් සැකකරු හා ගල් ඉබ්බන් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

« PREV
NEXT »

Facebook Comments APPID