BREAKING NEWS
latest

728x90

468x60

මහ වැස්සෙන් දිස්ත්‍රික් 12ක පුද්ගලයන් 20000ක් පීඩාවට - මරණ 08යි

ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් දොළහක පුද්ගලයන් 20000ක් පීඩාවට පත් වී ඇති බවත් පුද්ගල මරණ 08ක් සිදුවී ඇති බවත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.

පසුගිය 17 දින සිට අනුරාධපුර, මුලතිව්, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, රත්නපුර, ගාල්ල, කලුතර, කුරුණෑගල, පුත්තලම දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙසේ ගංවතුර, ඉවුරු කඩා වැටීම, අකුණු ගැසීම් හේතුවෙන් පීඩාවට පත් වී ඇති අතර තුවාල වු පුද්ගලයන් සංඛ්‍යාව තිදෙනෙකි. පූර්ණ හානි වූ නිවාස තුනක් බවද, අර්ධ හානි වූ නිවාස 633 බවද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි. ආරක්ෂිත ස්ථානයන 30කට පුද්ගලයන් 10000කට වැඩි පිරිසක් යොමුකර තිබෙන බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ වයඹ පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා අද (22) පෙරවරු 11.00 තෙක් තද වැසි සහ අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. නාගලගංවීදිෙය් කැලැණි ග ෙග් ජලමට්ටම අඩ් 5 දක්වා වැඩිවී තිබිණි.

පෙරේදා (20) උදෑසන 8.30 සිට ඊයේ (21) පෙරවරු 8.30 දක්වා ආණමඩුවට මිලි මීටර් 353.8, ආඩිගම මිලි මිටර් 339.0, කමලශ්‍රම් මිලි මිටර් 302.0,මාතලේ මිලි මිටර් 267.5,කූඩව මිලි මිටර් 232.6, කුලියාපිටිය මිලි මිටර් 232.0,හොරගස්ගාර මිලි මිටර් 232.0, කුකුලේ ගඟ මිලි මිටර් 227.0, දුම්මලසූරිය මිලි මිටර් 217.4, දෙල්වල මිලි මිටර් 203.5ක් ලෙස වාර්තාවී ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඉදිරි දින වලදීත් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ අහස වළාකුලින් බර ස්වභාවය තව දුරටත් බලාපොරොත්තු වේ. දැදුරු ඔයේ වාන් දොරටු අටක් විවෘත කර ඇති අතර තත්ත්පරයට ඝන අඩි 25000ක ජල ප්‍රමාණයක් ඉන් පිටවන බවද කැනියන් වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ආපදා කළමණාකරණ මධ්‍යෂ්ථායේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා-

ගංවතුර මට්මේ පවතින කලු, ගිං, නිල්වලා ආදී ගංගා අසල ජීවත්වන ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතුයි. මෙම ගංගා ආශ්‍රිතව සමහර ස්ථානයන්හි ජල මට්ටම් ඉහළ යමින් තිබෙනවා. මාතර, කඩවත් සතර තිහගොඩ, මාලිම්බඩ කඹුරුපිටිය, අතුරලිය අකුරැස්ස පිටබැද්දර බද්දේගම, බොපේ පෝද්දල වැලිවිටිය දිවිතුර නාගොඩ නියාගම තවලම නෙලුව කලුතර දොඩංගොඩ මිල්ලනිය මදුරාවල හොරණ පාලින්දනුවර බුලත්සිංහල ඉංගිරිය කිරිඇල්ල කුරුවිට ඇලපාත සහ රත්නපුර ප්‍රදේශවල ජනතාව අවධානයට පත්විය හැකියි. අවධානම් තත්ත්වයන්ගෙන් ජනතාව ඉවත්විය යුතුයි. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම පිළිබඳව ජනතාව දැඩි අවධානය යොමු කළ යුතුයි. අවිසාවේල්ල සිට නාගලම් වීදිය දක්වා ජල මට්ටම සුලු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යා හැකියි. කොළඹ, කැලණිය, කොළොන්නාව, බියගම, කඩුවෙල, හංවැල්ල, දොම්පේ, රුවන්වැල්ල, දෙහිඕවිට, දැරණියගල මේ නිසා තර්ජනයට ලක් විය හැකියි. අත්තනගලු ඔයද සුලු ගංවතුර තත්ත්වයක පවතිනවා. මේ නිසා මීගමුව, ජා ඇල, කටාන, මිනුවන්ගොඩ, ගම්පහ, අත්තනගල්ල ජනතාව සැළකිලිමත් විය යුතුයි. මා ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ඇතිවන සුලු ගංවතුර තත්ත්වය හේතුවෙන් පන්නල, දිවුලපිටිය, සහ අවට ප්‍රදේශ වල පහත් බිම් වල සිටින ජනතාව විශේෂ අවධානයක් යොමු කිරීම වැඳගත් වෙනවා. ආපදාවට ලක්විය හැකි සියලු දෙනා අතවශ්‍ය ද්‍රව්‍ය තිබෙන ආපදා මල්ල සූදානම් කර ගන්න. ආපදාවට පත්වූවන් සඳහා දැනට ආපදා කටයුතු සිදුවෙමින් පවතිනවා.

එමෙන්ම නායාම් අවධානම් තත්ත්වයන් පිළිබඳව නිකුත් කරන නිවේදන පිළිබඳව දැඩි අවධානය යොමු කිරීම ඉතා අවශ්‍යයි. රත්නපුර,කලුතර, කැගල්ල, නුවර එළිය, මහනුවර පිළිබඳව අනතුරු ඇඟවිම් කර තිබෙනවා. රතු නිවේදන නිකුත් වූ ප්‍රදේශ වල ජනතාව ඉවත් කරමින් පවතිනවා. වැසි ඉදිරියටත් ඇති විය හැකියි. ආපදාවන් පිලිබඳව 117 දුරකතන අංකයට දන්වන්න.
« PREV
NEXT »

Facebook Comments APPID