BREAKING NEWS
latest

728x90

468x60

රියැදුරු සෙල්ෆෝන් වරදට අරුම පුදුම නීතියක්

ජංගම දුරකථනවලින් ඇමතුම් ලබා ගනිමින් රියැදුරන් වාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් ‍පොලිසිය එකිනෙකට වෙනස් නීති දෙකක් ක්‍රියාත්මක කරන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

කොළඹ නගරයේ ‍පොලිස් ස්ථානවල රථවාහන නිලධාරීන් සහ නාගරික රථවාහන ‍පොලිසියේ නිලධාරීන් ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ‘රිවිර’ට පෙනී ගියේය. ජංගම දුරකථන භාවිත කරමින් රථවාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් දඩ පත්‍රිකා නිකුත් කළ නොහැකි බව සඳහන් කරමින් එසේ රියැදුරන් අධිකරණවලට ඉදිරිපත් කිරීමට ‍පොලිසිය පියවර ගනී.

එසේ අධිකරණයට ඉදිරිපත් කරන රියැදුරන් අවම වශයෙන් රුපියල් 1000ක් ගෙවා නීතිඥ සහාය ලබාගැනීමක් පවා කරන අතර අධිකරණයෙන් රුපියල් 1000කට වැඩි දඩයක් ද නියම කරනු ඇත.
කොළඹ නගරය තුළ එවැනි නීතියක් ක්‍රියාත්මක වුවත් කොළඹින් පිටත ‍පොලිස් ස්ථාන මගින් ජංගම දුරකථන ඇමතුම් ගෙන රිය ධාවනය කරන රියැදුරන්ට රුපියල් 100ක දඩ පත්‍රිකාවක් නිකුත් කරන බව ‘රිවිර’ට පෙනී ගියේය. රුපියල් 100 දඩ පත්‍රිකාවක් කොළඹින් පිටත ‍පොලිස් ස්ථානවල නිකුත් කරන්නේ ‍පොලිස් චක්‍ර‍ලේඛයකට අනුව බව කොළඹින් පිටත ‍පොලිස් රථවාහන අංශයක ස්ථානාධිපතිවරයෙක් සඳහන් කළේය. එම චක්‍ර‍ලේඛයට පිටුපාමින් කොළඹ නගරයෙ රථවාහන අංශයේ ඉහළ නිලධාරීන් කටයුතු කරන බව ද ‘රිවිර’ට පෙනී ගියේය.

මෙම වසරේ ජනවාරි 15 වැනි දා නිකුත් කළ රථවාහන දඩ මුදල් සම්බන්ධයෙන් වූ විශේෂ ගැසට්ටුවෙන් ද මතෛක් අධිකරණවලට ඉදිරිපත් කළ රථවාහන වැරදි 33කට දඩ පත්‍රිාක නිකුත් කරන්නට නියෝගයක් නිකුත් කර තිබේ. එම ගැසට්ටුවෙන් ද ජංගම දුරකථන ඇමතුම් ගනිමින් රිය ධාවනය කරන්නන්ට දඩ පත්‍රිකා නිකුත් කිරීමට හැකියාව ඇතැයි උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ
« PREV
NEXT »

Facebook Comments APPID