ජ්‍යෙතිෂයට අනුව සූර්යයා හෙවත් රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සිංහල අලුත් අවුරුද්ද ලෙසින් හඳුන්වනවා.
වසර දහස් ගණනක ඉතිහාසයේ සිට පැවත එමින් අපට උරුමව ඇති සංස්‌කෘතික හා කලා උරුමයක දායාදයන් වන මේ මහා සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුද්ද නැකත් හා චාරිත්‍ර වාරිත්‍ර මුල් වූ සමයක් වන අතර එම කාලය තුළ අප විසින් නැකතට අනුගමනය කරන්නා වූ සුවිශේෂී චාරිත්‍ර හතක් ද පවතිනවා. සුබ නැකත් අනුව එකී චාරිත්‍ර ඉටුකිරීම තුළ මනුෂ්‍යයාට අත්වන ප්‍රතිඵල මෙලෙස දැක්‌විය හැකිය.
නව සඳ බැලීම
සෞභාග්‍යයේ හා සෞම්‍යත්වයේ සංකේතය හෙවත් ප්‍රතිමූර්තිය වන නව සඳ බැලීම පළමු චාරිත්‍රය වන අතර අවුරුදු උදාවත් සමඟ දර්ශනය වන සඳ බැලීමෙන් චිත්ත සෞම්‍යය මෙන්ම නිරෝගී භාවයත් දීර්ඝායුෂත් හිමි වේ.
පරණ අවුරුද්ද සඳහා ස්‌නානය
ආයුර්වේදය සමඟ බැඳී පවතින්නා වූ මෙම චාරිත්‍රය ඉටුකිරීමෙන් ශරීරයේ පිරිසිදු බව ඇතිවී සිසිලස ඇති වේ. ස්‌නායුවල ප්‍රාණවත් බව ඇති වී නිරෝගී භාවය මෙන්ම රූ සපුව වැඩි වීමට ද හේතු වේ.
පුණ්‍ය කාලය හෙවත් ආගමික වතාවත් ඉටු කිරීම
නොනගතය හෙවත් නැකත් නොමැති මෙම කාලය පිං දහම් කිරීමට වෙන් වූ කාලයයි.
ආගමික වතාවත්වලට මුල්තැන දී බුදුන් දහම් සඟුන් වන්දනාමාන කර පූජ්‍ය පක්‍ෂයේ අවවාද, අනුශාසනා සහ ආශිර්වාදය ලබා ගැනීම තුළ මානසික අවිවේකයෙන් මිදී මනස නිරවුල්ව සැහැල්ලුවෙන් තබාගත හැකි වනු ඇත.
ළිප ගිනි දැල්වීම හා ආහාර පිසීම
ආහාර යනු අපගේ ජීවිතයේ මූලික අවශ්‍යතාවලින් එකකි. නැකතට ගිනි මොළවා කිරිබතක් පිස ගැනීම මෙහිදී සිදුවන අතර කිරිබත් යනු සියලු සුබ කටයුතු සඳහා සාදා ගන්නා ඉතා පෝෂ්‍යදායී ආහාරයකි. සෞඛ්‍යාරක්‌ෂිත පෝෂ්‍යදායී ආහාර නිරෝගී සහ යහ පැවැත්ම උදෙසා වැදගත් වනු ඇත.
වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා අනුභවය
ජීවිතයක පැවැත්මට ජීවනෝපාය ඉතාමත් වැදගත් වන අතරම එය නව වසරේ සශ්‍රීකත්වයට මෙන්ම සාර්ථකත්වයට බෙහෙවින් බලපාන්නකි. ගෘහ මූලිකයා තමන්ට අදාළ කටයුත්ත ද ගෘහණිය ළිඳ සමඟ ගනුදෙනු කිරීම දරුවන් තම පොත් රැගෙන ඉගෙනීමේ කටයුතුවල යෙදීමද යහ පැවැත්මට මහෝපකාරී වනු ඇත.
හිස තෙල් ගෑම
මෙම චාරිත්‍රයද ආයුර්වේදය හා බැඳී පවතින ප්‍රධාන අංගයක් වන අතර ආයුර්වේද විද්‍යාවට හා ජ්‍යෙdතිර්වේදයට අනුව හිසට හා පයට නියමිත ඖෂධ පත්‍ර තබා නැකතට හිස තෙල් ගෑමෙන් ශරීරයක පවතින රෝගාබාධ දුරු වී දීප්තිමත් සිරුරකට හිමිකම් කීමේ හැකියාව ඇතිවනු ඇත.
නව වසරේ සුබ නැකතට රැකී රක්‌ෂා සඳහා පිටත්වීම
උදා වූ නව වසරේ සුබ නැකතින් තම රැකීරක්‌ෂා කටයුතු සඳහා පිටත්ව ගොස් රාජකාරී කටයුතුවල නියෑළීමෙන් රැකියා දියුණුවට පත්වේ. නිරවුල් මනසින් තම රාජකාරී කටයුතු කිරීමට හැකි වීම හේතුවෙන් තම යහපතට එය මහත් රුකුලක් වනු ඇත.
ජ්‍යෙතිෂවේදී - රංජන් සිසිර කුමාර
සටහන - ධම්මික හේවාවසම්
Home
අලුත් අවුරුදු චාරිත්‍ර
ඹබ දන්නා - නොදන්නා අලුත් අවුරුදු චාරිත්‍ර ගැන මෙන්න
ඹබ දන්නා - නොදන්නා අලුත් අවුරුදු චාරිත්‍ර ගැන මෙන්න
-
Thursday, April 12, 2018
Facebook Comments APPID
Loading...
Most Reading
-
ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහි...
-
l%slÜ l%Svl OkqIal .=K;s,lf.a ñ;=rl= úiska fkda¾fõ cd;sl ;reKshlg fld<U msysá fydag,hl § w;jr lrk ,o nj lshk isoaêh iïnkaOfhka úu¾Yk ...
-
fldÜfÜ wdkkao Ydia;%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ...
-
ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ...
-
iïndyk wdh;khla uqjdfjka le,Ksfha mj;ajdf.k .sh uyd mßudK .Ksld cdjdrula jeg,Sug wêlrK ksfhda.hla o /f.k .sh fmd,sia ks,OdÍka wod< je...
-
rd;%S ld,fha yd wÆhï ld,fha ksrej;ska ießirk .%Sia hfll= ksid fydaud.u mkdf.dv rKúre .ïudkh" frdñfh,a udj;" me<|f.dv" ...
-
මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව. ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන...
-
wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh...
-
;ukag jvd jhiska jeäuy¿ ldka;djka iu. iïnkaO;d we;s lr.kak oeka ldf,a ;reKhka ;=, ;sfnkafka úYd, Wkkaÿjla' ird.S fmkqu ;reKhk...
-
ckm%sh .dhk Ys,amskS úYdro §msld m%sho¾YkS újdy Èúhg msúiqKd' ta nexl= lafIa;%fha lghq;= lrk pdñl l=udr uy;d iuÛska' Tyq ...