BREAKING NEWS
latest

728x90

468x60

අපි සැම එකතු වී ගුරුතුමෙක් ගේ ජීවිතයක් බේරා ගනිමු


රෙෂාන් ජයසූරිය යනු කොළඹ විශ්වවිද්‍යාලයේ B.Sc ගණිත විශේෂ උපාධිධාරි ගුරුවරයකි.

ඔහු මේ දිනවල දරුණු ලෙස හදවත දුර්වල වීමෙන් බොහෝසේ රෝගී තත්ත්වයට පත් වී ඇත.

ඔහුට හදවත් රෝගයට අමතරව තවත් සැත්කම් දෙකක් කල යුතුව ඇත.. නමුත් ඔහුගේ හදවතේ ඇති දුර්වලතාවය නිසා ඔහුට සැත්කම් කිරීමේ දැඩි අවදානමක් ඇත.

මේ නිසා ලංකාවේ ඇති පහසුකම් අනුව ඔහුව සුවකල නොහැකි තත්ත්වයකට පත් වී ඇත....
නමුත් ඇමෙරිකාවේ සොයාගත් හදවත් රෝගීන් කිසිම සැත්කමක් නැතිව යන්ත්‍රයක් මාර්ගයෙන් සුව කිරීමේ ක්‍රමයක් වන EECP ක්‍රමය මගින් ඔහුව සුව කල හැක...
මේ ක්‍රමය ලංකාවේ නැතත් ඉන්දියාවේ ඇත.
ඔහුව මෙම ක්‍රමය මගින් සුව කිරීමට සහ ඔහුගේ කොන්දේ සහ බඩෙහි කිරීමට ඇති සැත්කම් දෙකම කිරීමට ඔහුට රුපියල් ලක්ෂ 10ක් වත් සොයා ගත යුතුව ඇත...
ගුරුවරයකු වශයෙන් ඔහුට මෙම මුදල සපයා ගත නොහැකි නිසා අප, ඔබ සැමගේ පිහිට පතා සිටින්නෙමු. ඔහුට හැකි පමණ පිහිට වන්න....



ඔහුගේ විස්තරය ඔහුගේම වචනයෙන් පහත දක්වා ඇත.

මම කොළඹ විශ්වවිද්‍යාලයේ 1987 AL batch එකේ B.Sc ගණිත විශේෂවේදී උපාධිය හැදැරූ Reshan Jaysuriya වෙමි.
උපාධිය හැදැරීමෙන් පසු මම 2000 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයට බැදුනු අතර 2011දී කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය සදහා තේරී පත් වුණි.
2012 දී දේශපාලනමය කරුණු මත මා හට විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා අස්වීමට සිදුවුණි.
ඊට පසු ඇතිවූ නොයෙකුත් ආර්ථික දුෂ්කරතා මැද මා හට පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ගැනීමට නොහැකිව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගැනීමට සිදු විය.
මම කොළඹ විශ්වවිද්‍යාලයේ 1987 AL batch එකේ B.Sc ගණිත විශේෂවේදී උපාධිය හැදැරූ Reshan Jaysuriya වෙමි.
උපාධිය හැදැරීමෙන් පසු මම 2000 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයට බැදුනු අතර 2011දී කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය සදහා තේරී පත් වුණි.
2012 දී දේශපාලනමය කරුණු මත මා හට විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා අස්වීමට සිදුවුණි.
ඊට පසු ඇතිවූ නොයෙකුත් ආර්ථික දුෂ්කරතා මැද මා හට පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ගැනීමට නොහැකිව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගැනීමට සිදු විය.


ඉන්පසු මා විවිධ රෝගාබාධ වලට ලක් විය.

මා හට මුලින්ම පපුවේ අමාරුවක් සෑදුනේ 2004 දී. එහිදී එය Unstable Angaina ලෙස වෛද්‍යවරුන් සොයා ගනු ලබනවා.
මේ සමගම මා හට දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇති බවද සොයා ගනු ලබනවා.
ඊට පසු මා සෑම මාසයකටම එක් වරක් කොළඹ මහ රෝහලේ ක්ලිනික් එකට යොමු කරනු ලබනවා.
පසුව නැවත මා හට පපුව හිරවී පපුවේ අමාරුවක් 2007දී සෑදුනා.
ඊලගට 2011 දී. ඒ සෑම අවස්ථාවකම කීවේ මා හට unstable angaina ඇති බවයි.
ඉතිං 2004 ඉදන් දිගටම මම මේ unstable angaina වලට බෙහෙත් ගත්තා. 2015 දී මාගේ හුස්ම හිරවී ගොඩාක් අපහසු තත්ත්වයකට පත් වුනා.
එම අවස්තාවේ CT Colonogram පරීක්ෂන, එකො පරික්ෂන ultrasound scan පරික්ෂන මෙන්ම angiogram පරීක්ෂණයක්ද සිදු කරනු ලබනවා.
එහිදී වෛද්‍යවරුන් සොයාගනු ලබනවා මාගේ හෘදයේ මාංශ පේෂි දුර්වල බවත් එය විනාඩියට 30 වතාවක් පමණක් ස්පන්දනය වන බව.

ඉතිං මාහට රැකියාවක් නොමැතිකම නිසා ටියුෂන් පමණක් කරමින් සිටිය නිසා මාගේ ලෙඩ රෝග වලට වියදම් කලේ මාගේ අම්මා.
අම්මා හදිසියේ මොලයේ නහරයක් පිපිරී 2015දී මිය යනවා. ඊට පසු වියදම් කිරීමට අපහසු නිසා මාගේ රෝග වලට ප්‍රතිකාර කිරිම 2015 සිට ඇණ හිටියා.

ඉන්පසු 2017 දී මාගේ කකුල් දෙකම හිරි වැටී තද කැක්කුමක් ගෙන දුන්නා.
පසුව කරන ලද MRI Scan එකෙන් සොයා ගනු ලබනවා මා හට Lumber Epidral Depomedral නැමති රෝගය වැලදී ඇති බව.
එහිදී අවස්තා 2කදී මාගේ කොදු ඇට පෙලෙට injection දෙකක් දෙනු ලබනවා.
දැන් මාස දෙකකට පමන පෙර මාගේ කකුල් වල තුවාල දමා හොද වෙන්නැති තත්වයට පත් උනා.
ඒ එක්කම මාසයකට පමන පෙර ඉදන් මාගේ බඩ ඉදිමී හුස්ම හිරකරන ගතියක් ඇති උනා. රෑට ඇදේ කෙසේවත් නිදාගත නොහැකියි.
මුලු රැයම පහන් කරන්නේ පුටුවක් උඩ ඉදගෙනයි.
පසුව හොඳටම අමාරුවී රෝහල්ගත කිරීමෙන් පසුව Endoscopy පරික්ෂණයක්, CT Colonograph පරීක්ෂණයක් මෙන්ම
Colonoscopy පරීක්ෂණයක් ද කරනු ලැබුවා . එහිදී මාගේ බඩවැලේ පොකුරු හැඩැති තුවාල 50කට වඩා ඇති බව සොයාගනු ලැබුවා.
දැන් පපුවේ කැක්කුම, බඩවැල් වල කැක්කුම මෙන්ම කකුල් හිරිවැටි තුවාලද නිසා ඇතිවන තද කැක්කුම නිසා මා හරිම වේදනාවක් විදිනවා.
වෙලාවකට ජීවිතේ එපා වෙන හැගීම්ද මට ඇතිවෙනවා. මාගේ ජීවිතයේ අදුරුතම යුගයයි මේ ගෙවෙන්නේ.
මාගේ හෘද රෝගයට හෘද සැත්කමක් කිරීම කළහැකි අවසන් ප්‍රතිකාරය වුවත් එසේ කිරීමට තරම් හෘදය ශක්තිමත් නැති තත්වයට දැන් පත්වී තිබෙනවා.
එබැවින් මාගේ ජීවිතය බේරාගැනීම සඳහා කල හැකි එකම හෘද ප්‍රතිකාරය වන්නේ දැනට සොයාගෙන ඇති නවීනම හෘද ප්‍රතිකාර ක්‍රමය වන EECP ප්‍රතිකාරය බවත්
එය කිරීමෙන් මාගේ හෘදය යාතා තත්වයට පත්කර ගත හැකි බවටත් මගේ වාර්තා ඉන්දියාවට යවා උපදෙස් මේවන විට ලබාගෙන තිබෙනවා.
නමුත් හෘදය සුව කිරීමෙන් පමණක් මාහට සම්පූර්ණ සුවය ලබා ගත නොහැකි වන්නේ මාහට වැළඳී ඇති අනෙකුත් සංකීර්ණ රෝගී තත්වයන් දෙකද නිසායි.
එම රෝග දෙක සඳහා එම රෝග වලටම අදාලව පර්යේෂණ කරන රෝහල් දෙකකින් ප්‍රතිකාර ගැනීමට අනුමත කර තිබෙනවා.
එහිදී කොඳු නාරටියේ හා බඩේ සැත්කම් දෙකක් කිරීමට අනුමතව වී තිබෙනවා.
තවද මාහට තනිව වැඩකටයුතු කරගැනීමට නොහැකි තත්වයක සිටින නිසා මාගේ සහයට කෙනෙකුත් ඉන්දියාවට මා සමග යායුතු වෙනවා.
හා මේ සියලු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10ක් පමණ මුදලක් අවශ්‍ය වන බව ගණන් බලා තිබෙනවා.

මා දැනට නුගේගොඩ විදුහලක ගුරුවරයකු වශයෙන් සේවය කරන අතර මාගේ බිරිද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක යෙදුම් සහකාර තනතුරෙහි සේවය කරනු ලබයි.
දැනට ඉගෙනීමෙහි කටයුතු වල යෙදී සිටින දූවරුන් දෙදෙනෙක් මා හට සිටියි. මේ නිසා මාගේ ප්‍රතිකාර වලට කිසිම මුදලක් ඉතිරි නොවෙයි.
මේ හේතුවෙන් මගේ මිතුරන් හා පින් කැමති ඔබ සියලුදෙනාගෙන් ඉතා අසරණාත්මකව මාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ආධාරයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
මාගේ ගිණුමේ තොරතුරු පහත දක්වා ඇත.

Bank and Branch:Sampath Bank Borella 
A/C No: 100453745944
Name: WJPRRMP Jayasooriya

Bank and Branch: Commercial Bank, Reid Avenue
A/C No: 8210904853
Name: WJPRRMP Jayasooriya

Phone number 
+94778420736, +94786500045
+94758451717

(රෙෂාන් ජයසූරිය මහතා විසින් මෙය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත)





« PREV
NEXT »

Facebook Comments APPID