BREAKING NEWS
latest

728x90

468x60

සල්මාන්ගේ වැඩක් නිසා ජැක්ලීන් රෝහල්ගත කරල

Race3 චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවන්නේ අබුඩාබිවලයි. බොබී ඩියෝල්, සල්මන් කාන්, ජැකලින් හා අනිල් කපූර් වැනි සුපිරි තරු කිහිපයක්ම එකට එක්වන මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතාබහ වෙනවා.

මේ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේ දී ජැක්ලින් හදිසි අනතුරකට මුහුණ දුන්නා. ත්‍රාසජනක රංගනයන්හි යෙදෙන විට හදිස්සියේ ඇගේ ඇසට හානි සි දුවූ නිසා එවෙලේම ඇයව රෝහලටත් ගෙන ගියා.

ඒ වුණත් ජැක්ලින්ට බරපතළ අනතුරක් වුණේ නැති නිසා සුළු ප්‍රතිකාර කිහිපයකට පසුව ඇය ඉක්මනින්ම රෝහලෙන් පිට ව ගොස් තිබෙනවා.

චිත්‍රපටයේ Squash ක්‍රීඩාවේ පුහුණුවීම්වල යෙදෙන අතරතුරේ තමයි ඇය මේ හදිසි අනතුරට මුහුණ පාලා තිබුණේ. Race චිත්‍රපට නිෂ්පාදක Ramesh Taurani කියලා තිබුණේ ඇය ප්‍රතිකාරවලින් පසු නැවතත් රූගත කිරීම්වලට සුපුරුදු විදියටම එක් වුණා කියලයි. සල්මන් ඛාන්ගේ නිෂ්පාදනයක් ද වන Race3 මේ වසරේදීම ඔබට දැක බලා ගන්නත් අවස්ථාව ලැබෙනවා.
« PREV
NEXT »

Facebook Comments APPID