BREAKING NEWS
latest

728x90

468x60

නව වසරේ සිදුවන සිකුරු මාරුව ඔබට කොහොමද? ලග්න පලාපල මෙන්න

ග්‍රහ මණ්‌ඩලයේ දීප්තිමත් තාරකාවිය වශයෙන් හඳුන්වනු ලබන සිකුරු මිනිසාගේ ලෞකික සැප සම්පත් දියුණුව උදෙසා වඩාත් ලෙන්ගතු ග්‍රහයා වශයෙන් ජ්‍යෙdතිෂයේදී සිකුරුට විශේෂ ස්‌ථානයක්‌ ලැබෙනු ඇත.

මෙම ග්‍රහයා තමාට ස්‌වක්‍ෂේත්‍ර බල හිමිකම් ඇති වෘෂභ රාශියට අප්‍රේල් මස 19 වැනි දින පිවිස මැයි මස 14 වැනි දින තෙක්‌ වෘෂභ රාශියේ තම ස්‌වකීය බලය පතුරවනු ඇත. එහිදී වෘෂභ ලග්න හිමියන්ට ඉතා යහපත් සුබ කාල සීමාවක්‌ වශයෙන් සැලකිය හැකිය. සමස්‌තයක්‌ වශයෙන් පොදුවේ ගත් කළ වෘෂභ ලග්න හිමියන්ට මෙම කාලය සෙනසුරු ග්‍රහයා අට වැන්නේ ගමන් කරන බැවින් අෂ්ඨම ඒරාෂ්ටකයක්‌ පැවතිය ද සිකුරු බලවත් වීම නිසා මෙම කාලසීමාවේ යම්කිසි සහනයක්‌ ලැබීමේ භාග්‍ය උදාවේ.

මේෂ ලග්න හිමියන්ට 

සිකුරු බලවත්ව ඔබේ ලග්නයේ දෙවැන්න හෙවත් ධනස්‌ථානයට පැමිණීම ඉතා යහපත්ය. හදිසි ධනලාභ මෙන්ම තම තමන්ගේ සිතුම් පැතුම් ඉටුවන කාලයක්‌ වශයෙන් හැඳින්විය හැකිය.

මිථුන ලග්න හිමියන්ට

සිකුරු ග්‍රහයා දොළොස්‌වැන්නේ බලවත් වුවද එය එතරම් සුභදායක ප්‍රතිඵල උදාකර ගැනීමට නොහැකි වේ. එහෙත් විදේශ ගමන් බිමන් සඳහා යහපත් වේ.


කටක ලග්න හිමියන්ට

මෙම කාලය යහපත් ආර්ථික රටාවකට සුබයි. විශේෂයෙන් අන්තර් ධනලාභ මෙන්ම දේපළ වස්‌තු ලාභ උරුම හිමිකම් ලැබෙන කාල සීමාවකි.


සිංහ ලග්න හිමියන්ට

දහවැන්නේ සිකුරුගේ බලය වඩාත් ඉස්‌මතු කරමින් දියුණුවේ ස්‌ථාවරභාවයක්‌ ඇති වීමට හේතු සාධක සැලසේ. පරණ ණය ගනුදෙනු ලාභ ලැබීමට යහපත් රැකියා කර්මාන්ත ආරම්භයට යහපත්ය.


කන්‍යා ලග්න හිමියන්ට

භාග්‍ය ස්‌ථානාධිපති බලවත්ව භාග්‍යස්‌ථානයේ ගමන් කරන මෙම කාලය තුළ තම තමන්ගේ ලෞකික දියුණුවට බොහෝ වාසිදායක තත්ත්වයක්‌ උදාවේ. දේපළ වස්‌තු ලාභ ආගන්තුක සත්කාර ලැබෙන කාල සීමාවකි.

තුලා ලග්න හිමියන්ට

ලග්නාධිපති ග්‍රහයා අටවැන්නේ බලවත් වුවත් එතරම් යහපත් ප්‍රතිඵල උදා නොවෙනු ඇත. තමාගේ නාමයට අපකීර්ති අපහාස මෙන්ම දැඩි ආර්ථික හානි දුක්‌මුසු විපත් කරදරවලට මුහුණ දීමට සිදුවන කාලයක්‌ බව සිහිගන්වමි.

වෘශ්චික ලග්න හිමියන්ට

අවිවාහක ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂයටම මංගල යෝජනා විවාහය සම්බන්ධයෙන් සුබදායක වන කාලයකි. විවාහක ජීවන රටාවක්‌ ගෙන යන අයට පවුලේ සාමය සතුට දියුණුව මෙන්ම ආගන්තුක සම්බන්ධතා ඇතිවන කාලයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලදී වාසි සහගතය.

ධනු ලග්න හිමියන්ට

සතුරු ස්‌ථානයේ සිකුරු බලවත් වුවත් යහපත් බවක්‌ කිව නොහැක. රෝග පීඩාවල ආරම්භයක්‌ හෝ උත්සන්න වීමට මෙන්ම හදිසි මුත්‍රා දෝෂ ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. තම හිත මිතුරන් දුරස්‌වීමක්‌ සිදුවනු ඇත. ආර්ථික ප්‍රශ්න ද මෙම කාලයේ වැඩිවේ.

මකර ලග්න හිමියන්ට

තම තමන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම වෙනත් හැකියාවන් දක්‌ෂතාවන්ට යහපත් කාලයකි. ආදර ප්‍රේම සම්බන්ධතා ගොඩ නැඟීම අලුත් හිත මිතුරු සම්බන්ධතා ඇතිවීම විවාහක අයගේ දූ දරුවන්ට යහපත් කාලයක්‌ වශයෙන් හැඳින්විය හැකිය. විනෝද චාරිකා ගමන් බිමන් යෙදෙනු ඇත.


කුම්භ ලග්න හිමියන්ට 

ගේ දොර ඉඩකඩම් ලාභ මෙන්ම අලුත් නිවාස තැනීම යාන වාහන මිලදී ගැනීම සහ තම තමන්ගේ නැවුම් සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන යහපත් කාලසීමාවකි. තම මවගේ ඥාති වර්ගයා ගෙන් උදව් උපකාර ලැබෙනු ඇත.

මීන ලග්න හිමියන්ට 

මෙතෙක්‌ පැවැති බාධක කම්කටොළු යම්තරමක්‌ දුරට මඟහැරී යන කාල සීමාවකි. තම තමන්ගේ සහජ කුසලතා ඉටුකර ගනීමට සුබදායක වන කාල සීමාවකි. සමාජයෙන් ගරු සැලකිලි ලැබෙනු ඇත. තම සහෝදර සහෝදරියන්ට සහන කාලයක්‌ද වනු ඇත. එම අයගෙන් ඔබට උදව් උපකාර ලැබේ.


විශේෂයෙන් වෘෂභ ලග්න හිමියන්ට මෙන්ම අනෙකුත් ලග්න හිමියන්ට සිකුරු මහ දශා හෝ අතුරු දශා බලපවතින අයටත් ජන්ම අවස්‌ථාවේ සිකුරු බලවත් අයට මෙම කාලය ඉතා යහපත් වනු ඇත. ජන්ම අවස්‌ථාවේ සිකුරු දුර්වලව හෝ සිකුරු අපලව ඇතිනම් මෙම ශාන්ති කර්ම සුභයි.



ශාන්ති කර්ම වශයෙන්


නවනාථ හෝ සංජීවනී යන්ත්‍රය ජීවම් කර පැළඳ ගැනීම, දියමන්ති හෝ සුදු මැණික්‌ ඇල්ලූ රිදී මුදුවක්‌ පැළඳීම යහපත් වේ. මඟුල් කරඳ වෘක්‍ෂයකට සත්කාර කිරීම හා පත්තිනි ලක්‌ෂ්මී යන දේව පූජා තබා ආශිර්වාද ලබා ගැනීම සුබදායක වේ.

කීර්ති ශ්‍රී ලංකාභිමානී, ජ්‍යෙතිෂ විද්‍යා විශාරද
ගුප්ත විද්‍යාවේදී
ඡේ. එම්. ජයන්ත ඒකනායක
වැඩිවිස්‌තර ස`දහා අමතන්න 077- 3530607
« PREV
NEXT »

Facebook Comments APPID