BREAKING NEWS
latest

728x90

468x60

රාජකීය විවාහය ආවරණය කරන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලංකාවේ කාන්තාවක්

එංගලන්ත රාජකීය පවුලේ හැරී කුමරු සහ මේගන් කුමරිගේ රාජකීය විවාහොත්සවය ආවරණය කිරීමට අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් ද සිටින බවට වාර්තා වේ.

එම විවාහොත්සවය මැයි මස 19 වනදා ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වීමට නියමිතය. 

හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ මෙම විවාහයට මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල දැඩි අවධානයක් යොමුවී තිබෙන අතර රාජකීය යුවලගේ මංගල ඇදුම් සැකසීම කරන්නේ කවුරුන්ද, විවාහ සඳහා තෝරා ගන්නා මල් වර්ගය ගැන පවා මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවලට උණුසුම් පුවත් මවමින් තිබෙන මොහොතක එම රාජකීය විවාහය ආවරණය කිරීම සඳහා අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් ද එක්ව සිටින බව වාර්තා වේ.

ඒ, කැනඩා ගුවන් විදුලි සංස්ථාවේ සහ කැනේඩියානු රූපවාහිනී නාලිකාවෙහි ප්‍රවෘත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කරන 
ඈන් මරී මැදිවක ය. ඇය කැනඩාවේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක් වන අතර 2011 වසරේ ටොරන්ටෝ කාන්තාව නම් ගෞරව සම්මානයන් පවා පිදුම් ලබා තිබේ.

1975 වසරේදී මහනුවර, දුම්බර ප්‍රදේශයේදී උපත ලබා ඇති ඇන් මේරි මැදිවක ඉන් පසුව සිය දෙමව්පියන් සමග කැනඩාවේ ස්ථිර පදිංචියට ගොස් ඇත. තමාට අවුරුදු 18 ක් සපිරෙනවාත් සමග කැනඩාවේ තරුණයින් සම්බන්ධයෙන් වන වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කිරීමට පටන් ගන්නා ඇය ක්‍රමක් ක්‍රමයෙන් තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනු ලැබේ.

හැරී කුමරු සහ මේගන් මාර්කල් ගේ විවාහොත්සවය ආවරණය කිරීමේ භාරදුර වගකීමක් කැනේඩියානු රුපවාහිනි නාලිකාව සහ එරට ගුවන් විදුලි සංස්ථාව ඈන් මරී මැදිවක හට පැවරීමට ප්‍රධාන හේතුව ඇය මේවන විට එරට සිටින ප්‍රධාන පෙලේ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ගොඩනගා ගෙන තිබෙන ස්ථාවරය වේ.

2011 වසරේ ඇය ටොරොන්ටෝ නුවර කාන්තාව ලෙස නම් කෙරිණි.

ඩැරිල් කොනන්බෙල්ට් නැමැති මාධ්‍යවේදියා සමගින් ඇය විවාහ වී සිටින අතර ඔවුන් ට තුන් නිවුන් දරුවන් සිටින බව සදහන් වේ. ඇනබෙල් අබේසිංහ, මැක්සිම් බණ්ඩාර සහ ලිබි අබේසිංහ වන එම දරුවන් තිදෙනා උපත ලබා ඇත්තේ 2007වසරේ ජූනි මස 14 වැනිදාය.
« PREV
NEXT »

Facebook Comments APPID