BREAKING NEWS
latest

728x90

468x60

Audi Sri Lanka කියා SHARE කරලා AUDI දිනන බොරුවට ඔබත් රැවටුණාද? AUDI සමාගමෙන් දුන්න පිළිතුර මෙන්න.

ලොව ප්‍රධාන පෙලේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Audi සමාගමේ වෙළඳ සන්නාමය භාවිතකරමින් ෆේස්බුක් සමාජ ජාලයේ පැතිර යන ව්‍යාජ පුවතක් පිළිබඳ නෙත් ගොසිප් වෙත වාර්තා වෙයි.

මෙම පුවතෙහි දැක්වෙන්නේ Audi මෝටර් රථ සමාගමේ 110 වන සංවත්සරය වෙනුවෙන් මොටර් රථ 05ක් පිරිනමන බවත් ඒ සඳහා එක්වන ලෙසත්ය.ඒ සඳහා අදාළ පුවත පළකර ඇති ෆේස්බුක් පිටුවට කැමැත්ත (ලයික්) පල කරන ලෙසත් , ඔබට දිනාගැනීමට අවශ්‍ය මෝටර් රථයේ වර්ණය සඳහන් කර එය ෂෙයාර් (හුවමාරු) කරන ලෙසත් එහි වැඩිදුරටත් දැක්වෙයි.

අහඹු ලෙස තෝරාගන්න ජයග්‍රාහකයින් 05 කට වටිනා මෝටර් රථ පිරි නමන බව ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.මෙම පළකිරීමට විශාල ෆේස්බුක් පරිශීලකයන් පිරිසක් ප්‍රතිචාර දක්වා ඇති අතර 47000 අධික ප්‍රමාණයක් අදාළ පුවත හුවමාරු කරගනු තිබෙනු බවද අපට දැකගත හැකිවිය.

කෙසේ වෙතත් මෙය ව්‍යාජ පුවතක් බව Audi Sri Lanka සමාගම කියයි.සිය නිළ ෆේස්බුක් පිටුවේ මේ බව සඳහන් කරන ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ මෑත කාලයේ ඔවුන් එවැනි ප්‍රවර්ධන කටයුත්තක් සඳහා කිසි ලෙසකින් හෝ සම්බන්ධ වී නොමැති බවයි.



« PREV
NEXT »

Facebook Comments APPID