BREAKING NEWS
latest

728x90

468x60

හම්බන්තොට බස් රථයේ ඝාතනය ඝාතකයන් ආ කාර් රථය අත්අඩංගුවට - Hambantota

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී පසුගිය 26 වනදා මාතර සිට අම්පාර දක්වා දාවනය වෙමින් තිබු බස් රථය තුළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන මොටර් රථය හා එය කුලි පදනම් මත ලබා ගත් පුද්ගලයා තංගල්ල කොට්ටාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් පෙරේදා (28) දහවල් ඇහැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ .

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වූ නඩුකටයුතක් සදහා පැමිණි එහි තුන්වන විත්තිකරු වූ 33 හැවිරිදි පුද්ගලයෙකු පසු ගිය 26 වන දා එලෙස බස් රථය තුළදී ඝාතනයට ලක්විය .

මේ සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය හා තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හට අපරාධ කරුවන් එම අපරාධය කිරීම සදහා පැමිණි මොර්ටර් රථයේ අංක ඔස්සේ මේ අකාරයෙන් පරීක්ෂණ පවත්වා ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස මෙම මොර්ටර් රථය හා එය කුලී පදනම මත ලබා ගත් අය එලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි

මෝටර් රථය අවිස්සාවෙල්ල ප්‍රදේශයේ කාන්තාවකට අයත් එකක් වන අතර අය විසින් එය ඇහැලිය ගොඩ ප්‍රදේශයේ මොර්ටර් රථ කුලී පදනම මත ලබා දෙන ස්ථානයක් වෙත ලබා දී තිබේ . පසුගිය 24 වනදා මෙම ඝාතනය සිදු කළ පුද්ගලයින් විසින් මොර්ටර් රථයක් කුලී පදනම් මත ලබා ගැනීමට ගොස් ඇති අතර නමුත් එම ස්ථානයෙන් වාහන කුලියට දීම සිදුවන්නේ ඇහැලියගොඩ ප්‍රද්ශයේ පදිංචි කරුවන්හට පමණක් බව එහිදී පවසා තිබේ .

මේ අතර තුළ මෙම ඝාතනය සිදු කළ රන්න ,වීරකැටිය . කඩවත යන ප්‍රදේශයන්ට අයත් පුද්ගලයින් තිදෙනා විසින් ඇහැලියගොඩ සිටින තම මිත්‍රයෙකු හරහා මෙම වාහනය පසුගිය 24 වනදා කුලී පදනම මත ලබා ගෙන තිබෙන්නේ 26 වනදා සවස නැවත ගෙනවිත් දෙන පොරොන්දුව මතවේ.

කෙසේ නමුත් මේ වන විට එය කුලී පදනම මත ලබා ගත් අය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් තිදෙනා අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID