BREAKING NEWS
latest

728x90

468x60

Facebook ලොක්කන් රැසක් ලංකාවට එයි.. රජය සමග තීරණාත්මක සාකච්චා - ගන්න යන තීන්දුව මෙන්න

ෆේස්බුක් ජාලය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් කිහිප දෙනෙකු ඉදිරි පැය කිහිපය ඇතුලත මෙරටට පැමිනීමට නියමිතය.
ජාතිවාදී, ආගම්වාදී, වෛරය පතුරුමින් පල කර ඇති සියළු සටහන් ඉවත් කිරීම සදහා ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකා රජයට සහාය දෙනු ඇති බවත් ඉදිරියේදී ඒ ආකාරයේ සටහන් ස්වංක‍්‍රියව ඉවත් වන ක‍්‍රමවේදයක් සැකසීම සදහාද සහාය ලබා දෙනු ඇත.

සිංහල බාෂාවෙන් ඇති සටහන් ඉවත් කිරීමේදී සැලකිය යුතු කාලයක් ගතවීම නිසා ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයට ෆේස්බුක් සමාගම විසින් සිය කණගාටුව පල කර ඇත.

සෙසු දියුණු රටවල් සදහා ලබා දී ඇති පහසුකම් ලබා දෙන්නැයි ශ‍්‍රි ලංකා රජය විසින් ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා ඇති අතර ඒ සදහා සාධනීය පිලිතුරක් ලැබී ඇති බවද වාර්තා වෙයි.
« PREV
NEXT »

Facebook Comments APPID