BREAKING NEWS
latest

728x90

468x60

මැතිවරණ ඉතිහාසය වෙනස් කළ - අනාගත වෛද්‍යවරියක් වන්න සිහින මවන එජාපයෙන් ඡන්දෙ ඉල්ලා මන්ත්‍රී පදවිය ලද උසස් පෙළ සිසුවිය

වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ පාසල් සිසුවියක නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව සඳහා ලැයිස්තුගත මන්ත්‍රීවරියක සේ කටයුතු කිරිමට තෝරාපත් කරගෙන තිබේ.

එක්සත් ඡාතික පක්ෂය යටතේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි ඇය නාත්තන්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුහා තෙන්නකෝන් මෙනෙවියයි. මේ වන විට දහඅට වන පසුවන ඇය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙහි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබයි. මෙම වසරේ අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට ද ඇය මේ වන විට සූදානමින් සිටී.

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ දී තෙන්නකෝන් මෙනෙවිය කුඩාවැව කොට්ඨාසයට තරග කළ නමුත් ඇයට සිය ජයග්‍රහණය පිණිස අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබාගත නොහැකි විය. එහෙත් ඇය විසින් ලබාගෙන තිබු ඡන්දවල ප්‍රතිශතය මත ඇය ලැයිස්තුවෙන් තෝරා ගත් මන්ත්‍රීවරියක ලෙස පත් කිරිමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කිරීම නිසා ඇයට මන්ත්‍රීධුරයක් හිමි වී ඇත. 

කුඩාවැව එක්සත් ජාතික පක්ෂ සංවිධායක පාලිත තෙන්නකෝන් හා මාරාවිල බාලිකා මහ විදුහලේ ගුරුවරියක සේ කටයුතු කරන නිලම්බිකා තෙන්නකෝන් ඇගේ දෙමාපියන්ය. මන්ත්‍රී සිසුවිය මෙසේ පවසා තිබේ.

‘තාත්තාගේ දේශපාලන කටයුතු අනුව මමත් දේශපාලනය කරනවා. මගේ දේශපාලන කටයුතු මගේ පාසලේ අධ්‍යාපන කටයුතුවලට කිසිදු ආකාරයකින් බාධාවක් කර ගන්න මම ඉඩ තිබීබේ නැහැ. මාගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීමටයි.

මගේ අරමුණ මා උපන් දේශයට යම් සේවයක් කරන්නයි. විශේෂයෙන්ම මෙම මැතිවරණ සමයේ දී ගෙයින් ගෙට ගොස් ජනතාව මුණ ගැසුණු අවස්ථාවේ දී අපේ ගමේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හඳුනා ගත්තා. දැන් පක්ෂය මාවත් මන්ත්‍රීවරියක සේ පත් කර ඇති නිසා මගේ අරමුණ අර මම හඳුනා ගත් ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට පියවර ගැනීමයි. ගමේ ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් දිය යුතුයි.
අපේ ගමේ වැඩි දෙනකු පදිංචිච සිටිනුයේ පුත්තලම් ඇළත් ඉල් පාරත් අතර රක්ෂිතයේ කුඩා පැල්පන්වලයි. ඔවුන්ට පදිoචියට ස්ථිර තැනක් ලබා දිය යුතුයි. මෙහිදී මා නිතර දිරීමත් කරණ මගේ ගමේ හා අවට ජනතාවට මම ස්තුතිය පුද කරනවා‘

වාර්තාව - ඔස්ටින් ප්‍රනාන්දු
« PREV
NEXT »

Facebook Comments APPID