BREAKING NEWS
latest

728x90

468x60

තම දියණිය කෙළසන්න කාමාතුරයන් පිරිසකට අනුබල දුන් මවක් අත්අඩංගුවට

13 හැවිරිදි දියණියක් ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයින් 05 දෙනෙකු ජාතික ළමා ආරක්ෂක අධිකරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඊට අමතරව ඒ සඳහා ආධාර අනුබලදුන් ඇයගේ මව සහ මිත්තණිය ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දැරිය අපයෝජනයට ලක් කළ අය අතරේ පවුලේ ඥතීන් දෙදෙනකු ද සිටින බව ළමා ආරක්ෂක අධිකරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය ප්‍රකාශ කරයි.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල තණමල්විල පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ අතර පසුව වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගයකට අනුව එහි වැඩිදුර විමර්ශන සිදු කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවරා තිබේ.

මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුව මෙම මස 22 වැනි දා කැඳවීමට නියමිතයි.
« PREV
NEXT »

Facebook Comments APPID