BREAKING NEWS
latest

728x90

468x60

අදත් හවස්වෙනකම් ඇදිරිනීතිය - නිවෙස් තුළ ඉන්න - මහනුවර 8ක් රෝහලේ


මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය වෙත ඊයේ (07දා) පස්වරු 4.00 සිට අද (08දා) පස්වරු 4.00 දක්වා යළිත් වරක් පොලිස් ඇඳිරි නිතිය ක්‍රියාත්මක කර තිබේ.

නිවෙස් තුළ ඉන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය පනවා ඇති හෙයින් සාමකාමීව නිවෙස් තුළ රැඳී සිටින්නයි රජය විශේෂ නිවේදනයකින් පවසයි. 



රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මහනුවර 8ක් රෝහලේ

කලහකාරි පිරිස් අතර මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක සිදු වූ ගැටුම් හේතුවෙන් පුද්ගලන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබූවද බොහෝ පිරිස් එය නොතකමින් කලහකාරී ලෙස හැසීරීමට ගත් උත්සාහයන් පොලීසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව මැඩපවත්වන්නට කටයුතු කළේය.

කටුගස්තොට, අඹතැන්න, සෙනරත්ගම, මඩවල, අලදෙණිය,උල්ලදුපිටිය, මැණික්හින්න, පූජාපිටිය ආදී ප්‍රදේශ ගණනාවක ගැටුම් ඇතිවිය. මෙහිදී තුවාල ලැබූවන් මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID