BREAKING NEWS
latest

728x90

468x60

18 වයසැති පොඩි කෙල්ලන් ඉන්න ගල්කිස්සේ ගනිකා මඩම කොටුවෙයි

ආයුර්වේද සම්භාන මධ්‍යස්‌ථානයක මුවාවෙන් ගල්කිස්‌ස මැලිබන් හන්දිය අසල දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයක්‌ පසුගියදා වටලා එහි කළමනාකාරිණිය ඇතුළු සූරූපී ළඳුන් 07 දෙනෙකු ගල්කිස්‌ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.


වයස 18 ත් 28 ත් අතර පසුවන සැකකාරියන් කෝට්‌ටේ උඩහමුල්ල, නුගේගොඩ, මන්නාරම, ඇඹිලිපිටිය, නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචි අය බව ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත. අගනුවර උසස්‌ රැකියා කරන බව අඟවමින් මෙලෙස උපයන මුදලින් විශාල ප්‍රමාණයක්‌ ඔවුන්ගේ නිවෙස්‌වලට යවා ඇති බවත් හෙළිවී තිබේ.

ආයුර්වේද සම්භාහනය සඳහා රුපියල් 1100 ක්‌ ගෙවා ඇතුළු වන ගනුදෙනුකරුවනට රුපියල් දස දහසක්‌ දක්‌වා විවිධ මිල ගණන්වලට කාන්තාවන් අලෙවි කරන බවද හෙළිවී තිබේ.

මෙම ස්‌ථානයේ සේවය ලබාගැනීමට ප්‍රභූන්, ව්‍යාපාරිකයන් හා රත්මලාන කර්මාන්ත පුරයේ ශ්‍රමිකයන්ද පැමිණ ඇති බවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.උප පොලිස්‌ පරීක්‌ෂක සංජීව සිල්වා මහතාට ලද තොරතුරකට අනුව පොලිස්‌ උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සිදුකර ඇත. 

සැකකාරියන් ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක රෝහණ පුෂ්පකුමාර මහතාගේ අධීක්‌ෂණයෙන් දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක සංජීව සිල්වා මහතාගේ
මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන සම්පත් (72315) අරවින්ද, (81989) චාමික (82071) විඡේසූරිය, (77486) කාන්තා පොලිස්‌ කොස්‌තාපල් ක්‍රිෂ්ණා වානි (9901) සරෝජනී (6921) රියෑදුරු මෝගන් (80895) යන කණ්‌ඩායම වැඩිදුර පරීක්‌ෂණ සිදු කරති
« PREV
NEXT »

Facebook Comments APPID