BREAKING NEWS
latest

728x90

468x60

පෙට්‍රල් බෝම්බ, කඩු, යකඩ පොලු සමඟ අලවතුගොඩින් 18 ක්‌ අල්ලයි

පෙට්‍රල් බෝම්බ, කඩු, යකඩ පොලු ඇතුළු ආයුධ තොගයක්‌ සමඟ තරුණයන් දහඅට දෙනකු (18) අලවතුගොඩ ප්‍රදේශයේ ආගමික මධ්‍යස්‌ථානයක සැඟවී සිටියදී පොලිසිය මගින් ඊයේ (08 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් ආයුධ අතර විශාල ප්‍රමාණයේ පෙට්‍රල් බෝම්බ 6 ක්‌ තිබූ බව පොලිසිය පවසයි.

මෙම තරුණයන් රටේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි අය බව විමර්ශනවලින් හෙළිවී ඇත.

කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ සඳහා පැමිණි පිරිසක්‌ අලවතුගොඩ ආගමික ස්‌ථානයක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත එම ස්‌ථානය ඊයේ අලුයම වැටලූ පොලිසිය මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී.

පසුගිය දින කීපය තිස්‌සේ මහනුවර අවට සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියා රැසකට මෙම පිරිස සම්බන්ධ බවට පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී ඇත.

හේමන්ත රන්දුණු
« PREV
NEXT »

Facebook Comments APPID