BREAKING NEWS
latest

728x90

468x60

පොලිසිය බලා සිටිය දීම පෙම් හුටපටයකට සිසුහු ගාල්ල නගරයේ යකා නටති - සිසුහු 04 ක්‌ ගාල්ල කරාපිටිය රෝහලට

ආදරවන්තයන්ගේ සටන ලෙස ලොවක්‌ හඳුනන ගාල්ල මහින්ද - රිච්මන්ඩ් විද්‍යාලාන්තර ක්‍රිකට්‌ තරගය මෙවරත් 113 වැනි වරට පසුගිය 16, 17 යන දිනයන් හි දී ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ගාල්ල නගරයට සැණකෙළි සිරි ගෙන්වන මෙම විද්‍යාලාන්තර ක්‍රිකට්‌ තරගය නිසාම මේ වන විටත් ගාල්ල නගරය පුරා විද්‍යාල දෙකෙහි ධජයන් ලෙල දෙමින් ඇති අයුරු දැක ගත හැකි විය.

මේ අතරතුර, 17 වන දිනයේ තරගය පැවැත්වෙන අවස්‌ථාවේ දී ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් හතර දෙනෙක්‌ යකඩ බාල්කයක නැගී මහින්ද විද්‍යාලයේ කොඩියක්‌ ගුවනට යකඩ බටයක්‌ ආධාරයෙන් ඔසවන්නට තැත් කරන අවස්‌ථාවේ දී එම යකඩ බාල්කයෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බැව් ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය කියයි.

පසුගිය දින කිහිපය තුළ ගාල්ල නගරයේ පාසල් දෙකෙහිම සිසුන් හා ආදි සිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා ගාල්ල නගරය එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත්ව තිබිණි. රුපියල් විසි දහසක කුලී පදනම මතගෙන රියදුරු බලපත් නොමැති පාසල් සිසුන් හා ආදි සිසුන් වාහන ලබාගෙන ගාල්ල නගරය පුරා මාර්ග නීතිරීති කඩමින් ගමන් කළ අතර මෙහිදී අනතුරු රැසක්‌ සිදුවී ඇත. ගුරුවරියක්‌ හප්පාගෙන ගිය අවස්‌ථාවක්‌ද මාර්ගවල හා පදික වේදිකාවේ ගමන් කරන මගීන්ට හා ගැහැනු ළමයින්ට හා තරුණ කාන්තාවන්ට, අසභ්‍ය ආකාරයට කතා කරමින් කුණු හරුප කියමින් කටයුතු කරන සෙයක්‌ දැකිය හැකි වූහ.

මෙහිදී අධික වාහන තදබදයක්‌ ඇතිවූ අතර පොලිසිය මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක්‌ නොගැනීම සම්බන්ධයෙන් ගාල්ල නගරයේ ජනතාව විමතිය පළ කරයි.
« PREV
NEXT »

Facebook Comments APPID