BREAKING NEWS
latest

728x90

468x60

පරණ කෝන්තරයක්‌ පිරිමසා ගන්න 78 හැවිරිදි පුද්ගලයකුට දේශපාලන හයිය පෙන්නලා

ම්බන්තොට වැලිගත්ත කීර්තිපුර ගම්මානයේ නිවසකට 06 වැනි දින අලුයම කඩා වැදුණු ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවට තරග කරන කීර්තිපුර ප්‍රදේශයේ අපේක්‍ෂකයකුගේ ආධාරකරුවන් දෙදෙනකු විසින් (78) හැවිරිදි පුද්ගලයකුට පහරදී ඇසකට තුවාල කර ඇති බව හම්බන්තොට පොලිසියෙන් වාර්තා වේ.

මෙලෙස පහර කෑමට ලක්‌ව ඇත්තේ කීර්තිපුර, අංක 978/ බී නිවසේ පදිංචි හැත්තෑ අට හැවිරිදි සුබසිංහආරච්චිගේ සයිමන් නමැති අයෙකි.

හය වැනි දින අලුයම කඩා වැදුණු ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවට තරග කරන කීර්තිපුර ප්‍රදේශයේ අපේක්‍ෂකයකුගේ ආධාරකරුවන් දෙදෙනෙක්‌ කෑකෝ ගසමින් නිවසට ඇතුළු වී නිවැසියාට පහරදී නිවසේ ජනෙල් වීදුරුවකට පහරදී කඩා දමා තිබේ. 

එහිදී කැඩුණු වීදුරු කැබැල්ලක්‌ වැදීමෙන් සයිමන් මහතාගේ වම් ඇසට තුවාල සිදුව තිබේ. ඇසට තුවාල වූ සයිමන් මහතා නිවැසියන් විසින් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පහරදීම සිදු කර ඇත්තේ දේශපාලන හයිය ලබා ගෙන පරණ කෝන්තරයක්‌ පිරිමසා ගැනීමට බවයි වාර්තා වෙන්නේ. 

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර මෙය පෞද්ගලික ආරවුලක්‌ මත සිදුවූ එකක්‌ බවට අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
« PREV
NEXT »

Facebook Comments APPID