BREAKING NEWS
latest

728x90

468x60

ඔයාටත් කෙස් අග පැලීම වේදනාවක්ද? - ඒත් එතනින් පස්සේ තව කරන්න දේවල් නැද්ද?


කෙස්අග පැලීම කියන්නේ ඔන්න අපේ ගෑණු ළමයි මුහුණ දෙන තවත් භයානක රෝගී තත්වයක් එහෙම නේද?ඔයාගේ කොණ්ඩය කොච්චර දිග වුණත් ,කොට වුණත් කොණ්ඩයේ අග හරිය හරියට වේලිලා පැලිලා වගේ තියෙනවා දැක්කම කොණ්ඩේ “ඉවරයි”වගේ හැඟීමක් තමයි කොයි කාට වුණත් දැනෙන්නේ.

ඔයාගේ කොණ්ඩයේ පිටතින්ම තියන ලේයර් එක ගොඩක්ම වියළි වුනාම තමයි මේ තත්වය මතුවෙන්නේ.ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.අධික ෂැම්පු භාවිතය,කොණ්ඩය තදින් පීරීම,ඔයාගේ කොණ්ඩය නිවැරදි සත්කාර වලින් රැකබලාගැනීමට ඔයා අපොහොසත්වීම තමයි ඒ අතරින් ප්‍රධාන වෙන්නේ.ඉතින් මේ ප්‍රශ්නයෙන් ගැළවෙන්න ඔයාට පුළුවන් කොණ්ඩයේ අග කපන්න.ඒ කියන්නේ ට්‍රිම් කරන්න.ඒත් එතනින් පස්සේ තව කරන්න දේවල් නැද්ද?



ට්‍රිම් කරන්න
කෙස් අග පැලීමට නොවරදිනම එකම විසඳුම තමයි මේ.කෙස් අග පැලෙන්න-පැලෙන්න ටික ටික ට්‍රිම් කරනවා.ඒත් ඉතින් මේක ඉවරයක් වෙන්නේ නැද්ද?ප්‍රශ්නයට හරියට උත්තර හොයාගන්න බැරිවුනොත් නම් ඉතින් හැමදාම ට්‍රිම් කරලා ඔයාගේ හෙයාර්කට් එක වුණත් ගානකට සෙට් කරගන්න බැරිවෙන්න පුළුවන්.


හොඳ ෂැම්පු එකක් අනිවාර්යයි.
හොද ෂැම්පු එකක් කොණ්ඩයකට නිවැරදි සත්කාරයක් ලබාදෙනවා.කෙස් කළඹේ පිටත ලේයරයේ ස්ථරයන් වඩා ශක්තිමත් කරමින් ඔයාගේ කොණ්ඩය පිරිසුදු කරන්න වගේම ශක්තිමත් කරන්නත් ෂැම්පු සත්කාරයට පුළුවන්.ඒ නිසා ට්‍රිම් කර කර ඔයාගේ ලස්සන කොණ්ඩය කොට කරගන්න ඕනි නැහැ.කොණ්ඩයේ වියළි බවට ගැළපෙන සත්කාර සහිත ෂැම්පු සහ කන්ඩිෂනර් තෝරාගෙන කොණ්ඩය නිරෝගීව තියන්න උත්සහ කරන්න.


ස්වභාවික සත්කාරත් අමතක කරන්න බැහැ.
මතක ඇතිනේ කට්ටියටම.පුංචි කාලේ ඉදලම අම්මලා අපිව අල්ලාගෙන පොල්තෙල් බෝතල් පිටින් ඔළුවට හලලා මාසාජ් කරපු හැටි.පොල්තෙල් කියන්නේ අපේ කොණ්ඩයට අන්න ඒ තරම් ගුණදායක දෙයක්.පොල්තෙල් විතරක් නෙවෙයි,ඔලිව්,ඇවකාඩෝ,රෝස්මරි,ආගන් වගේ ස්වාභවික තෙල් වර්ග වලට පුළුවන් ඔයාගේ කොණ්ඩයේ ස්ථරයන් සිනිඳු කරලා කොණ්ඩය නියම තෙතමයෙන් තියාගන්න.සතියකට දෙතුන්-සැරයක් විතර මේ තෙල් සාත්තුව කරලා පැයකට විතර පස්සේ හෝදලා දාන්න.


හෙයාර් මාස්ක්??
කෙස්අග පැලීමට තවත් නොවරදින විසඳුමක් තමයි හෙයාර් මාස්ක් කියන්නේ.සතියකට සැරයක් විතර මේ මාස්ක් එකක් පාවිච්චි කිරීම ප්‍රමාණවත්.ඔයාට ලේසියෙන්ම හදාගන්න පුළුවන් මාස්ක් මොනාද කියන දේ ඉස්සෙල්ලම හොයලා බලන්න.ඒ වගේමයි ඔයාගේ කොණ්ඩයටත් ගැළපෙන්නම ඕනි.අලිගැටපේර,බිත්තර,මීපැණි,වගේ මාස්ක් තමයි වැඩියෙන්ම ගුණාත්මක.මේ දේවල් වලින් හදාගත්ත මාස්ක් එකක් කොණ්ඩයේ ආලේප කරලා ටික වෙලාවකට පස්සේ හෝදලා ඉවත් කරන්න.ටිකක් කල් යද්දී ඔයාටම වෙනසක් දැනෙයි.
« PREV
NEXT »

Facebook Comments APPID