BREAKING NEWS
latest

728x90

468x60

දෙමාපියන්ට නොසලකන දරුවන් බිහිවන්නේ මේනිසාද ? - මාතර පුහුල්වැල්ලේ සුසිල් ප්‍රේමචන්ද්‍ර

දෙමාපියන්ට දරුවන් මහත්ම මහත් සම්පතකි. නමුත් මවට පියාට හතුරුකම් කරන දරුවන් මෙලොවට ජනිත වනු ඇත. එවිට දරුවන් හැදූ දෙමාපියන්ට මොනවා හිතෙනවා ඇද්ද? මෙකී කරුණ ගැන ජ්‍යෙdතිෂයට අනුව යමක්‌ කියා දිය යුතුය. දෙමාපියන්ගෙන් පළිගන්නා දරුවන් අද වගේම රජ කාලයේදී බිහි වී ඇත. අජාසත්ත දරුවන් බිහිවීමට හේතුව නොදන්නා උදවිය වැඩිය. දරුවෙක්‌ ජාතක කිරීමට පළමු දෙමාපියන් සිතිය යුතු කරුණක්‌ තිබේ. දරු ඵල ගැන කරුණු සොයා බලන්නේ කේන්ද්‍රයක පස්‌වන කොටුව තුළිනි. බුධ නීච වූ විට පස්‌වන කොටුව තුළ දරුවන් නීච වැඩ කිරීම සිරිතකි. බුධ ග්‍රහ ලොව පුත්‍ර කාරක ග්‍රහයා වේ. ඒ වගේම ගුරු එම කොටුව තුළ දුර්වල වුණ විටද ගෙදරට දරුවන්ගෙන් කරදර මතු වේ. 


මේ සියල්ලම මුල් වන්නේ දරුවෙක්‌ ජාතක කරන මොහොත අශුභ වූ විට චඩාල දරුවන් බිහි වේ. මේ කරුණ විවාහ වන්න බලාපොරොත්තු වන අයට මෙන්ම විවාහවෙලා ඉන්න අයට ඉතා වැදගත් වේ. සූර්යග්‍රහණය ඇති දිනක දෙදෙනෙක්‌ එකතු වී දරුවෙක්‌ හදයි නම් පියාට හොඳ නැත. චන්ද්‍රග්‍රහණය සිදුවන දිනක දරුවකු සඳහා එකතු වූ විට උපදින දරුවා මවට අකීකරු වේ. ඒ වගේම රාහු කාලය තුළදී දෙදෙනෙක්‌ එකතු වී දරුවෙක්‌ හදයි නම් එම දරුවා මූසලයෙක්‌ වනු ඇත. අශුභ දවසක දෙදෙනා එකතුවීම ද හොඳ නැත. අකුණු ගසා වහින දිනයද දරුවන් ජාතක කිරීම ගෙදරට, මවට පියාට හෙණ හත වදින දරුවන් බිහි වේ. දෙදෙනාගේ ජොලියට මොන නැකත් ද කියා සමහරු හිතනවා ඇත. නමුත් යම් විදිහකින් එකරුණ නිසා දරුවෙක්‌ හට ගත හොත් ඔහු වසලයෙක්‌ වීම පුදුම විය යුතු නැත. තවද විෂ දේවල් (අරක්‌කු, ගංජා) පාවිච්චි කර දරුවන් හදයිද එයද අකීකරු දරුවන් බිහිවීමට හේතුවක්‌ වේ. 

තමා ජාතක කරන දරුවා රටට දැයට හිතකර වීමට සුදුසු දවස්‌ සහ දින ජ්‍යෙdතිෂ්‍ය තුළ තිබේ. එය දන්නේ ප්‍රවීණ ජ්‍යෙdතිෂ මහත්ම මහත්මීන් පමණී. නමුත් ඔය කියන දේවල් බලන්නේ මොකදට? කියා සමහර උදවිය හිතන්න පුළුවනි. නමුත් දරුවන් හදා ඔවුන්ගෙන් බැට කන උදවියට මා කියන කරුණ හොඳට වැටහෙනු ඇත. පනින්ට පෙර සිතා බැලිය යුතුය. එම වැඩය කරන්න පළමු දෙතුන් වතාවක්‌ සිතා බැලිය යුතුය. නරක වෙලාවක නරක දිනයක දරුවෙක්‌ හදන්න දැඟලිය යුතුද? මේ කරුණ නොදන්නේ නම් ඊට සුදුසු වේලාවන් සහ දින ජ්‍යෙdතිර්වේදී මහතෙක්‌ හමු වී දැනගන්න. රැකියාවේ ඉහළට යන දරුවන් බිහි කළ යුතු වෙලාවක්‌ ඇත. දෙමාපියන්ට සලකන රට පාලනය කිරීමට තරම් (රජවීමට) දරුවන් පිළිසිඳ ගන්නා අවස්‌ථා ජ්‍යෙdතිෂ විද්‍යාව තුළ තිබේ. දෙදෙනෙක්‌ විවාහ වී හෝ නොවී දරුවෙක්‌ නරක වෙලාවක පිළිසඳ ගනීද? එය ඔබේ ජීවිතවලට මරු පහරක්‌ වීම සිරිතය. හොඳ වෙලාවක දරුවෙක්‌ පිළිසිඳ ගත හොත් එම දරුවා හොඳ දරුවෙක්‌ වනු නියතය. ජ්‍යෙdතිෂයට විශාල සේවයක්‌ කළ සක රඡ්ජුරුවන් බිහි කර ඇත්තේ නැකතට අනුව බව දැනගන්න. සක වර්ෂ කියා අදටත් හඳුන්වන්නේ ද ඉහත කී රාජ යෝගය මුල් කරගෙනය. ඉතින් රාජ යෝග සහිත දරුවෙක්‌ ලබන්න ඔබත් කැමැති ඇතිනේ. එසේ නම් ප්‍රවීණ ජ්‍යෙdතිර්වේදී මහතෙක්‌ හමුවී කරුණු කාරණා වටහා ගන්න. ආවාට ගියාට එකතු වී දරුවන් හදා දුක්‌විඳින්න එපා.

සමහර දරුවන් දෙමාපියන් ජීවත් වන කාලය තුළ දුක්‌ වේදනා දෙමින් අසරණ කරන අවස්‌ථා මා දැක ඇත. නමුත් මිය ගිය පසු රටට ලෝකයට පෙනෙන්න කොඩි කුඩ සේසත් දමා අවසාන කටයුතු කරනු ඇත. ප්‍රචාරක කටයුතු මහ ඉහළින් කරනවා. ඔබත් දැක ඇතැයි මම සිතමි. දරුවනේ මියගිය පසු උපහාර දක්‌වනවාට වඩා ජීවතුන් අතර සිටියදී උපහාර දක්‌වන්න. දෙමාපියන්ට හොඳට සලකන්න. දේපළ වස්‌තුව දුන්නේ නැති නිසා පිටුපාන්න හොඳ නැත. ඔබ උගතෙක්‌ වෙලා ඉන්නේ දෙමාපියන් නිසා කියා හිතන්න. අත පය නොකඩා හැදුව එකම මොන තරම් දෙයක්‌ද? ඇස, කන, අත, පය හොඳට තිබේ නම් මොනවා කරල හරි දියුණු විය හැක. දෙමාපියන්ගේ ඇරුණ ඇසට සලකන්න. පිය වුණ ඇසට සැලකීමෙන් වැඩක්‌ නැත. කවුරු කවුරුත් දරුවන් සෑදීමට පළමු උඩ බිම බලා අඹු සැමියන් වශයෙන් එකතු වන්න. දරුවනේ දෙමාපිය්නට හොඳට සලකන්න. එය ඔබේ දියුණුවට මහත් ආශිර්වාදයක්‌ වනු ඇත. ආගමට දහමට අනුව කටයුතු කරන්න. උඩ පැනල සුපිරි හෝටල්වල මඟුල් ගෙවල් ගත්තද? දරුවෙක්‌ ජනිත කිරීමට පළමු ටිකක්‌ හිතා බලන්න. සැමටම වාසනාවන්ත දරුවන් බිහිවේ වා යන්න මගේ එකම පැතුම වේ. එවිට රට ජාතිය වගේම දෙමාපියන්ටද මහත් සැනසිල්ලක්‌ වනු ඇත.

වැඩිදුර විස්‌තර සඳහා 0777 622734 

ජ්‍යෝතිර් විද්‍යා විශාරද ගුප්ත විද්‍යාධාරී
මාතර පුහුල්වැල්ලේ සුසිල් ප්‍රේමචන්ද්‍ර
« PREV
NEXT »

Facebook Comments APPID