BREAKING NEWS
latest

728x90

468x60

අල්ලස් ගන්න ගිය කෘෂිකර්ම උපදේශකවරයෙකුට වෙච්ච වැඩේ

අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත කෘෂිකර්ම උපදේශකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැදගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත මැදගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනියුක්ත පොල්ගහපිටිය වසමේ කෘෂිකර්ම උපදේශකවරයා එලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි ප්‍රකාශ කරයි.

සැකකරු විසින් බලපත්‍ර සහිත ඉඩමක කොස්ගස් දෙකක් කැපීම සඳහා බලපත්‍ර සකස් කර ගැනීමට අවශ්‍ය නිර්දේශය ලබාදීමට රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලා ඇති අතර පසුව එය 4000 දක්වා අඩු කර ඉන් රුපියල් 2000ක මුදලක් ලබා ගන්නා අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මැදගම ගොවිජන සේවා මධ්‍යස්ථානය තුළ දී අත්අඩංගුවට ගත් සැකකාර කෘෂිකර්ම උපදේශකවරයා විමර්ශන කටයුතුවලින් අනතුරුව බිබිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සඳහන් කළේ ය.
« PREV
NEXT »

Facebook Comments APPID