BREAKING NEWS
latest

728x90

468x60

පොහොය දා පලතුරු කඩේ අරක්‌කු විකුණූ අපේක්‍ෂක යාගේ මවට පොලිස්‌ ඇප

පසුගිය නවම් මහ පොහොය දින (ජනවාරි මස 31) හොරණ පාරේ සමන්පුර අතුරු මාර්ගයේ පිහිටි තම පලතුරු වෙළෙඳ සැලේ වෙළෙඳාමේ නිරතව සිටිමින් නීතිවිරෝධී අන්දමින් අරක්‌කු අලෙවිකරමින් සිටි මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය දක්‌වන "මෝටර් සයිකලය'' ලකුණින් මහරගම නගර සභාවට තරග කරන අපේක්‌ෂකයාගේ මෑණියන් පොලිස්‌ භාරයට ගෙන තිබෙන පුවතක්‌ කොට්‌ටාව පොලිසියෙන් වාර්තාවේ.

කොට්‌ටාව හොරණ මාර්ගයේ සමන්පුර අතුරු මාර්ගයේ පදිංචිකරුවෙකු විසින් පොලිසියට ලබා දුන් තොරතුරක්‌ මත මෙම වැටලීම කොට්‌ටාව පොලිසිය විසින් සිදු කළ බව හෝමාගම සහකාර පොලිස්‌ අධිකාරි කාර්යාලයේ ආරංචි මාර්ග අනාවරණය කරයි. 

මෙම පලතුරු වෙළෙඳ සැලේ සෑම පොහොය දිනයකම මේ අයුරින් අරක්‌කු අලෙවිය සිදුකරන හෙයින් එමගින් ප්‍රදේශයේ සාමකාමී පරිසරයට මහත් බාධා සිදුවන නිසා මෙහි පදිංචිකරුවන්ගේ අකමැත්ත ඊට පළවී තිබූ හෙයින් තමන් මෙම දැනුම්දීම සිදුකරන බව එම අසල්වැසියා පොලිසියට සඳහන් කර තිබෙන බවද, එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම ඔත්තුව පරිදි කොට්‌ටාව හොරණ මාර්ගයේ ''සමන්පුර'' අතුරු මාවතට හැරෙන මංසන්දියේ පිහිටා තිබෙන මෙම පලතුරු වෙළෙඳසැළ කොට්‌ටාව පොලිසියේ නිලධාරින් වටලනු ලැබූ අවස්‌ථාවේදී අලෙවියට තබා තිබූ අරක්‌කු බෝතල් සමඟ ඒවා අලෙවිකරමින් සිටි ජයන්ති රණසිංහ නමැති සැකකාරියද පොලිස්‌ භාරයට ගෙන තිබේ. පොහොය දිනට පසුදින මහෙස්‌ත්‍රාත් හමුවට සැකකාරිය ඉදිරිපත් නොකර පොලිස්‌ ඇප මත එම සැකකාරිය නිදහස්‌ කර හැරීමට කොට්‌ටාව පොලිසියේ ස්‌ථානාධිපතිවරයා උසස්‌ නිලධාරින්ගෙන් ලැබූ නීතිමය උපදෙස්‌ මත කටයුතු කර තිබෙන බව, හෝමාගම සහකාර පොලිස්‌ අධිකාරි කාර්යාලයේ නිලධාරියෙක්‌ අප පුවත්පතට ප්‍රකාශ කළේය.

පොලිසිය හමුqවේ සැකකාරිය කළ පාපොච්චාරණය අනුව අනාවරණය වූයේ, ඇය මහරගම හිටපු නාගරික මන්ත්‍රීවරයෙකුගේ බිරිඳ බවත්, ඇගේ පුත්‍රයකු මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දුන් බවත් මෝටර් සයිකලය ලකුණින් මහරගම නගර සභාවේ කොට්‌ටාව නාගරික කොට්‌ඨාසය වෙනුවෙන් තරග වදින බවත්ය.

මෙම කරුණ පිළිබඳව මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහරගම නායිකා කාන්ති කොඩිකාර මහත්මිය විමසූ කල්හිඇය මෙසේ පැවැසුවාය.''මෙය කුමන්ත්‍රණයක්‌. එළඹෙන පෙබරවාරි දහවැනිදා මෙම තරුණයාට අත්වන අති විශිෂ්ට ජයග්‍රහණය වළක්‌වා ගැනීමේ අරමුණින් ඔහුගේ ජයග්‍රහණය ඉවසා ගත නොහැකි පරාජිත දේශපාලකයින් විසින් සිදුකළ ඉතාමත් පහත් නින්දිත ක්‍රියාවක්‌ ලෙස මා මෙම සිදුවීම පිළිබඳව අදහස්‌ දක්‌වන්න කැමැතියි. ඒ වගේම මෙවැනි බියසුළු ක්‍රියාවලින් මහරගම නගරසභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන නියත ජයග්‍රහණය වැළැක්‌වීමට කිසිවකුටත් ඉඩක්‌ ලැබෙන්නේ නැතැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
« PREV
NEXT »

Facebook Comments APPID