BREAKING NEWS
latest

728x90

468x60

හොර හරක්‌ ලොරිය අල්ලන්න පැය පහක්‌ම කැලයේ සැඟවී ඉඳලා - පොලිස්‌ ස්‌ථානාධිපති ගහපු ගේම

ගම්පොල ගලහ ප්‍රදේශයේ සිට උඩුනුවර වෙලම්බොඩ දක්‌වා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිදුවන හරක්‌ හොරකමක්‌, වෙලම්බොඩ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැය 5 ක්‌ රාත්‍රියේ කැලයේ සැඟවී සිට අල්ලාගෙන ඇත.

එහිදී කුඩා ලොරි රථයකින් එළ හරක්‌ තුන්දෙනකු රැගෙන එමින් සිටියදී සැකකරුවන් තිදෙනකු සමඟ එම ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.

හරක්‌ මස්‌ වල මිල ඉහළ යැමත් සමඟ ඔත්තුකරුවන් යොදා ගනිමින් මෙවැනි ජාවාරම් සිදුකරන නිසා එම සැකකරුවන් අල්ලා ගැනීම අසීරු වී තිබීම නිසා වෙලම්බොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අරුණ ශාන්ත බණ්‌ඩාර මහතා පොලිස්‌ කොස්‌තාපල් (61207) නුවන් ප්‍රියන්ත සමඟ මෙම ලොරි රථ ගමන් කරන මාර්ගයේ කැළය තුළ සැඟවී සිට ඇත්තේ සවස්‌ වරුවේ සිටය.

ඉන්පසු රාත්‍රි 10 පමණ මෙම ස්‌ථානයෙන් යැමට පැමිණි ලොරි රථය අල්ලා ගැනීමට හැකි වී තිබේ. වෙලම්බොඩ වටදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් ගම්පොල, මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
« PREV
NEXT »

Facebook Comments APPID