BREAKING NEWS
latest

728x90

468x60

බස් බෝම්බය ගැන සොයන්න මේජර් ජෙනරාල් රුක්මල් ඩයස්ගේ ප‍්‍රධානත්වයෙන් හමුදාවෙන් කමිටුවක්

දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේදී බස් රථයක සිදුවූ පිපිරුම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා යුද හමුදාපතිවරයාගේ නියෝගය පරිදි පස් දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, මේජර් ජෙනරාල් රුක්මල් ඩයස්ගේ ප‍්‍රධානත්වයෙන්.
මෙම කමිටුවට ඉංජිනේරු, වෙඩි බෙහෙත් හා වෝහාරික යන ක්‍ෂේත‍්‍රයන්හි විශේෂයින්ද ඇතුළත්. පරීක්‍ෂණ අවසන් කර කමිටුව ලබාදෙන වාර්තාව මත පදනම්ව ඉදිරි පියවර ගැනීමටයි යුද හමුදාව තීරණය කර ඇත්තේ. සිද්ධිය ඇසින් දුටුවන් දෙදෙනෙකුගේ සාක්‍ෂිද මෙහිදී පදනම් කර ගැනීමට නියමිතයි. 

යුද හමුදා පොලිස් නිලධාරියෙකු හා සිවිල් වැසියෙකු පවසා ඇත්තේ බස් රථයේ සිිටි එක් අයෙකු සතුව තිබූ කිසියම් දෙයක් බිමට වැටුණු බවත් ඔහු එය ගැනීමට යනවාත් සමග එම ස්ථානයේ පිපිරුමක් සිදුවූ බවයි. 

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ ජීව අත්බෝම්බයක් පුපුරා යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි
« PREV
NEXT »

Facebook Comments APPID