BREAKING NEWS
latest

728x90

468x60

දිනුවා නම් ගෙදර පලයං යෑයි කියා'.... පොහොට්‌ටුවයි බුලත් කොළයයි එකතු වී මට ගැහුවා

ගම්පොල උඩපළාත ප්‍රාදේශීය සභාවට එජාපයෙන් තරග කොට ජයග්‍රහණය කළ යසස්‌ දෙනුවර මහතාට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක්‌ එක්‌ව පහරදුන් බව කියමින් ඒ මහතා ගම්පොල ශික්‌ෂණ රෝහලට ඇතුළත්ව තිබේ.

ගම්පොල දැල්පිටිය ස්‌ටෝල්ඩ් ප්‍රදේශයේ පිහිටි තම නිවස ආසන්නයේදී මෙම පහරදීම සිදු වූ බවට ඔහු ගම්පොල පොලිසියට පැමිණිලි කොට ඇත.

දැල්පිටිය කොට්‌ඨාසයට තරග කළ යසස්‌ මහතා ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු තමා පිළිගැනීමට පැවැති උත්සවයට එක්‌වීමට සූදානම් වන මොහොතේ දිනුවා නම් ගෙදර පලයං යෑයි පවසා මෙම පිරිස පහර දුන් බව පැමිණිල්ලේ සඳහන්ය.

පහරදුන් පිරිස හඳුනා ගෙන ඇති බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මෙම අපේක්‌ෂකයාට පහරදුන් අය අත්අඩංගුවට ගැනීමට ගම්පොල පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ අරඹා ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID