BREAKING NEWS
latest

728x90

468x60

හලාවත මන්ත්‍රී නෝනාගේ 'හබියා' පොඩි ළමයකුට ගහලා

වයස අවුරුදු 14 ක්‌ වන පිරිමි දරුවකුට පහර දුන් බව කියන හලාවත නගර සභාවට ප්‍රභල දේශපාලන පක්‍ෂයකින් තේරීපත් වූ මන්ත්‍රිනියකගේ ස්‌වාමි පුරුෂයාව හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය 21 වැනිදා සවස මෙම පහරදීම සිදුකර ඇත. පහරකෑමට ලක්‌ව ඇති දිෂාන් ඔෂාර හර්ෂමාල් (අවු. 14) නම් වූ පාසල් සිසුවා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කලක්‌ පොලිස්‌ නිලධාරියකු ලෙස සේවය කර ඇති අයෙකි. මීට වසර 20 කට පමණ පෙර පොලිස්‌ සේවයෙන් ඉවත්වී ඇති ඔහු හලාවත නගරයේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ඇත.

සැකකරු විසින් තමන් පදිංචි ස්‌ථානයට ඉදිරියෙන් පිහිටි හලාවත දුම්රිය ස්‌ථානය ඉදිරිපිට විවිධ ගස්‌ වර්ග සිටුවා ඇති බවත් කිසියම් අයකු ඉන් එක්‌ ගසක්‌ කපන බවට දැන ගැනීමට ලැබීමෙන් පසුව එම ස්‌ථානයට පැමිණ පහරදීම සිදුකර ඇති බවත් විමර්ශන කටයුතුවලදී හෙළිවී ඇත.

රෝහල්ගත කර සිටින දරුවාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

මාදම්පේ - කමල් ප්‍රියංකර
« PREV
NEXT »

Facebook Comments APPID