BREAKING NEWS
latest

728x90

468x60

උතුර හා නැගෙනහිර යුද හමුදාව සතු ඉඩම් 76% ක් ආපසු භාර දී අවසන් බව හමුදාපති කියයි

2009 වසරේ යුද්දෙ අවසන් වීමෙන් පසුව මේ වන විට යුද හමුදාව සතුව තිබූ ඉඩම් වලින් 76% ක භූමි ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කොට අවසන් බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා වව්නියාවේදී පැවසීය.

යුදහමුදාපති වරයා මේ බව පැවසුවේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ කාර්යාල දෙහමල් ගොඩනැගිල්ලක් හා සෙසු නිලයින්ගේ භෝජනාගාරයක් විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් හා අධීක්ෂණයෙන් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිවූ මෙම කාර්යාල ගොඩනැගිල්ල රුපියල් මිලියන 20 කින් හා සෙසු නිලයින්ගේ භෝජනා ගාරය රුපියල් මිලියන 14 ක් වැයය වී ඇත.

එහිදී නව ගොඩනැගිලි විවෘත් කිරීමෙන් පසුව උතුරු නැගෙනහිර ඉඩම් ගැටලු සම්බන්ධයෙන් මාධ්‍යෙව්ධීන් නැගූ ප්‍රශන්යකට පිළිතුරු දෙමින් යුද හමුදාපති වරයා කියා සිටියේ,

‘මේ ඉඩම් ගැටලු ගැන මේ දවස්වල වැඩි පුරම කතාවන දෙයක් 2009 වසරේ සිට මේ දක්වා අපි 76% ක භූමි ප්‍රමාණයක් නිදහස් කරල අවසන් පෞද්ගලික හිමිකරුවන්ට වගේම රජයේ ආයතන වලටත් ඒ වගේම තමයි මේ වසරේත අපි තවත් අක්කර 500 කට අධික ප්‍රමාණයක් පෞද්ගලික අයිතිකරුවන් වෙනුවෙන් ලබා දෙන්න පියවර අරන් තියනවා ඒ වගේම තමයි අපි ඉඩම් ලබා දී කඳවුරු ඉවත් කරගැනීමෙන් පසුව නැවත කඳවුරු සුදුසු ස්ථානයන්හි ස්ථාපිත කිරීමට අවශ්‍ය මුදලුත් අපිට රජය විසින් ලබා දී තිබෙනවා.

‘මේ ඉඩම් නිදහස් කිරීමේදී ගැටලුවකුත් තියනවා යුද හමුදාව මේ ඉඩම් නිදහස් කිරීමේදී පෞද්ගලික හිමිකරුවන්ට සෘජුවම දෙන්නෙ නැහැ අපි ඉඩම් භාර දෙන්නේ ප්‍රදේශයේ සිටින දිසාපතිට දිසාපතිතුමා තමයි ලේකනගත කර තිබෙන්නේ හිමිකරුවන් කව්ද කියල මෙතනදී සමහරෙක් පිටරට ජීවත් වෙනවා සමහරෙකුට මේ ඉඩම්වල අයිතිය තහවුරු කරන්න බැරිවෙලා තයනවා ඒ නිසා අප විසින් භාර දුන්නු ඉඩම් අයිතිකරුවන් වෙත භාරදීම මන්දගාමී ස්වරූපයකුත් තියනවා නමුත් දිසාපතිවරුන් හා ප්‍රදේශීය ලේකම් වරුන් උපරිම් උත්සයහක් දරනවා ඒ වෙනුවෙන්,

‘මේ උපවාස කරන අය වෙනුවෙන් විශේෂයෙන් මුලතිව් දිස්ත්‍රීක්කය ගත් විට ඒ අයට ඉඩම් ලැබිලත් තියෙන්නේ නමුත් කාලෙන් කාලට එතෙර ඉන්න අයගේ පැවත්මට මේ අයව සමහර අය විසින් මෙහෙයවා ඉඩම් ඉල්ලමින් ක්‍රියාතමක වෙනවා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ අයට හි දේ මොකද්ද කියලා.

‘පොදුවේ ගත් වට යුද හමුදාව විනෝද වෙන්නෙ නැහැ මේ ඉඩම් තියාගෙන ජාතික ආරක්ෂාවට හානියක් නොවන ආකාරයට තමයි යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව මේ භූමිවල යොදවල තියෙන්නේ ඒ නිසා ජාතික ආරක්ෂාවට ගැටලුවක් නොවන විදිහට දෙන්න පුලුවන් හැම ඉඩමක්ම දෙන්න පුලුවන්නම් අපි දෙනවා,

ඒ වගේම තමයි මම හැම වෙලාවෙම කියනවා මේ ඉඩම් විශය දන්නේ යුද හමුදාව ,ගුවන් හමුදාව හා නාවික හමුදාව කියලා අපිව පුහුණ කරලා කැවෙලා තියෙන්නේ මේ විෂයට මේ විෂය දන්නැති අය ඉඩම් ගැන මොනව කිව්වත් මේවට උත්තර දෙන එක අපේ කාලය නාස්ති කිරීමක් විතරයි කොහොම නමුත් අපි ඉන්න තැන ඉඳගෙන රටේ ආරක්ෂාව සපයන් බැඳිලා ඉන්නවා අපිට ඒ ශක්තිය තියනවා. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ
« PREV
NEXT »

Facebook Comments APPID