BREAKING NEWS
latest

728x90

468x60

දින 14 කදී සොෆ්ට්ලොජික් කොටස් මිල 75% කින් ඉහලට

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් මිල පසුගිය ගනුදෙනු දින 14 තුළ දී සියයට 75 කින් ඉහළ ගොස් තිබේ.

පසුගිය ජනවාරි 23 දින වන රු. 12.70 ක්ව පැවති සමාගමේ කොටසක මිල අද (14) දින රු. 22.60 ක් දක්වා වූ මිල ගණන් යටතේ ගනුදෙනු විය.

පසුගිය ජනවාරි 24 දින සමාගම විසින් අනාවරණය කරනු ලැබූ පුද්ගලික නිකුතුවක් හා හිමිකම් නිකුතුවක් හරහා සිදුකරනු ලබන කොටස් නිකුතු සම්බන්ධ ප්‍රවෘත්තිය මෙලෙස සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් කොටස් මිල ඉහළ යාමට හේතුවී තිබේ.

මුරුසියේ ලියාපදිංචි සමාගමක් වන Samena Ceylon Holdings Limited සමාගම වෙත රු. 17.00 බැගින් කොටස් මිලියන 182.72 ක් නිකුත් කිරීමට යෝජනා වී ඇති අතර රුපියල් බිලියන 3.1 ක අරමුදලක් එමඟින් සම්පාදනය කර ගැනීමට සමාගම බලාපොරොත්තු වේ.

මෙම අරමුදල් සමාගමේ කෙටිකාලීන ණය පියවීම් සඳහා යොදා ගැනීමට නියමිත බව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සභාපති අසෝක් පතිරගේ මහතාගේ අත්සනින් යුතුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර කොටසක් රු. 17.00 බැගින් වන පරිදි කොටස් මිලියන 230.81 ක හිමිකම් කොටස් නිකුතුවක් සිදුකිරීමට ද යෝජනා වී තිබේ. මෙහිදී රුපියල් බිලියන 3.9 ක අරමුදලක් සම්පාදනය කර ගැනීමට නියමිත අතර එය සමාගමේ කෙටිකාලීණ ණය පියවීම් හා දිගුකාලීණ බැංකු ණය පියවීම් සඳහා යොදා ගැනීමට අදහස් කර ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID