BREAKING NEWS
latest

728x90

468x60

එක්‌දරු මවක දූෂණය කර මැරූ මොනරාගල තරුණයා එල්ලුම් ගස්‌ fShare

එක්‌දරු මවක්‌ දූෂණය කර කේබල් වයරයකින් ගෙල සිරකොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවූ චූදිතයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ මහත්මිය විසින් ඊයේ (17 දා) මරණ දඬුවම නියම කළාය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ මොනරාගල කුමාරදොළ පාර වතුර ටැංකිය අසල පදිංචිව සිටි පෙච්චමුත්තු ගනේෂ් නොහොත් කළු නමැති විසිඅට හැවිරිදි අවිවාහක තරුණයකුටය.

2012 ජුනි මස 10 වැනිදා රාත්‍රි මොනරාගල කුමාරදොල පාර ටැංකිය අසල පදිංචිව සිටි මායාඅලගු ලෝගේශ්වරී (30) නොහොත් නාගම්මා නමැති අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. තම ස්‌වාමිපුරුෂයා රෝගාතුරව රෝහල් ගතව සිටියදී ඝාතනයට ලක්‌වූ කාන්තාව තම දරුවා සමග රාත්‍රි නිදාගෙන සිටියදී චූදිත පැමිණ ඇය දූෂණය කර කේබල් වයරයකින් ගෙල සිරකොට මරා දමා මෘත දේහය මරගල ඔයට දමා තිබියදී සොයාගෙන තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසු චූදිත, මිනීමැරුම් චෝදනාවට වරදකරු බව තීරණය කළ මහාධිකරණ විනිසුරුවරිය මරණ දඬුවම නියම කරන ලදී. විත්තිකරු වෙනුවෙන් නීතිඥ චතුරංග ඒකනායක මහතා පෙනී සිටි අතර රජයේ නීතිඥ ඇන්ජලෝ වැන්හො මහතා පැමිණිල්ල මෙහෙයවීය.

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
« PREV
NEXT »

Facebook Comments APPID