BREAKING NEWS
latest

728x90

468x60

ලෙඩ වූ ඌරන්ගේ මස්‌ කෑමෙන් පාරිභෝගිකයෝ රැසක්‌ රෝගී වෙලා

අනවසරයෙන් පවත්වා ගෙන ගිය ඌරු මස්‌ වෙළෙඳ සැල් වැටලීමකදී සෞඛ්‍ය ආරක්‍ෂිත නොවන ඌරු මස්‌ විශාල තොගයක්‌ අත්අඩංගුවට ගත් බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

අනවසර හා බලපත්‍රයක්‌ නොමැතිව පවත්වා ගෙන ගිය ඌරු මස්‌ වෙළෙඳ සැල් මෙසේ පරීක්‍ෂාවට ලක්‌ කර ඒවායේ තිබූ ඌරු මස්‌ විශාල තොගයක්‌ අත්අඩංගුවට ගෙන ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ පසුගිය දින කිහිපය තුළදීම යම් යම් සෞඛ්‍ය හේතූන් මත මිය ගිය ඌරන් කිහිප දෙනෙකුම මස්‌ කර වෙළෙ¹ම් කිරීමෙන් ඒවා පරිභෝජනයට ගත් විශාල පිරිසක්‌ රෝගි වූ බවට ලැබුණු පැමිණිලි මත මෙසේ හදිසි වැටලීම් ක්‍රියාත්මක කළ බවයි.

සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ ඉදිරියේදීත් මෙවැනි හදිසි වැටලීම් දිගින් දිගට ම සිදු කරන බවයි. එවැනි මස්‌ වෙළෙ¹ම් කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම කීය.

මෙම හදිසි වැටලීම බේරුවල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනවිරත්න මහතාගේ උපදෙස්‌ පරිදි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. ඡේ. සිංහබාහු මහතාගේ අධීක්‍ෂණයෙන් බේරුවල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂක ගාමිණී සමරතුංග, මුදිත අමරසිංහ, පී. ඩී. චමිල් එරන්දන, එච්. ටී. ජයනක, ඒ සම්පත් චතුරංග, ආර්. සී. ටී. නයනජිත්, උදයංග ප්‍රසාද්, රුචිර බණ්‌ඩාර, ආර්. එම්. අයි. මදුමාල් රත්නායක, ඩබ්ලිව්. ඩී. එන්. උමේක, එච්. ඩී. සිරිමාන්ත ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීහු පිරිසක්‌ මෙම වැටලීමට සහභාගී වී සිටියහ.
« PREV
NEXT »

Facebook Comments APPID