BREAKING NEWS
latest

728x90

468x60

පෙර පාසලේදීම දැරිය පැහැර ගන්න හදපු නරුමයාගේ වීඩියෝව මෙන්න

පෙරපාසල් භූමියක් තුළදී වයස අවුරුදු තුන හමාරක ළදැරියක් කිසියම් පුද්ගලයකු විසින් පැහැර ගැනීමට උත්සාහ දැරු පුවතක් වාර්තා වෙනවා.


අදාළ සිදුවීමේ විඩීයෝව පැහැර ගැනීමට උත්සාහ කළ දියණියගේ පියා විසින් සමාජජාලා මාධ්‍යයට නිකුත් කර තිබුණා.

ඉකුත් 04 වැනිදා දහවල් පැහැරගෙන පලායෑමට උත්සහ දැරූ අවස්ථාවේදී එම පුද්ගලයා පැහැරගත් දරුවාද සමඟම පය පැටලී බිම පතිත වීමත් සමඟ ඒ අවට සිටි පිරිස් විසින් ඔහු අල්ලාගන්නා අයුරු එම දර්ශන පෙළේ දැක්වෙනවා.


පැහැර ගැනීමට ලක්වු දියණියගේ පියා මාධ්‍යයට සඳහන් කරන්නේ පෙර පාසල් වයසේ පසුවන තම දියණිය මෙසේ පැහැර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයා ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තමන් විසින් හඳුනාගත් බවත්ය.

ඒ පිළිබඳ කුරුණෑගල පොලිසියට සාක්‍ෂි සහිතව තමන් විසින් සිදුකළ පැමිණිල්ලට අනුව අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබඳ තමන් විමතියට පත්වී සිටින බවත් ඔහු පවසනවා.

සැකකරු විසින් දරුවා පැහැරගෙන කලබලයෙන් දිවයන අවස්ථාවේදී ඔහුගේ පාදය පැටලී දරුවාද සමඟ බිම පතිත වී ඇති අතර දරුවා බේරා ගැනීමට ඒ පසුපස හඹාගිය දැරියගේ මිත්තණියද බිම ඇද වැටී තිබේ. ඒ අවසරයෙන් අවට සිටි පිරිස් පැමිණ දරුවා සැකකරුගෙන් මුදාගෙන ඇත.

දරුවාගේ පියා විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති මේ සිදුවීමේ දර්ශනවල ඒ මොහොතේ පිටත සිට දිව එන කාන්තාවක්ද දරුවා පිරිසෙන් උදුරා ගැනීමට උත්සාහ දරන අයුරුද දක්නට ලැබේ. බිම ඇද වැටීම නිසා දරුවා සහ මිත්තණියද තුවාල ලබා ඇති අතර දරුවා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී තිබේ. දරුවාගේ එක අතක් මේ හේතුව නිසා බිඳීමකට ලක්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සිද්ධියට මුහුණදී ඇත්තේ කුරුණෑගල විල්ගොඩවත්ත ප්‍රදේශයේ ඉන්හාරා විල්වලආරච්චි (අවු 31/2) නමැති පෙර පාසල්ළ දැරියකි. ඇය ඉකුත් 04 වැනිදා පෙර පාසල නිමවී සිය මිත්තණිය සමඟ නිවෙසට පැමිණීමට සූදානම් වන අවස්ථාවේදී මේ සිදුවීමට මුහුණපා තිබේ.

සිදුවීමේ විඩීයෝව පහතින්.


« PREV
NEXT »

Facebook Comments APPID