මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ භූමියකින් එල්ටීටීඊ රත්තරන් සොයමින් ආරක්ෂක අංශ විසින් බැකෝ යන්ත්‍ර යොදාගෙන හාරන ලද වළට ජලය ගලාගෙන එන්නට පටන් ගැනීම නිසා ආරක්ෂක අංශ නිලධාරීන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති.
මෙම හෑරීමේ කටයුතු මුලතිව් අධිකරණයෙන් ලබාගත නියෝගයක් මත ආරම්භ කරන ලද්දේ යුද්ධයේ අවසන් දින කීපයේදී එල්ටීටීඊ සාමාජිකයින් විසින් ඔවුන් බාරයේ තිබූ විශාල රත්තරන් තොගයක් මෙම ස්ථානයේ වළදමන ලද බවට අත් අඩංගුවට පත්වූ එලටීටීඊ සාමාජිකයෙකු විසින් ලබාදෙන ලද තොරතුරකට අනුවය.
හෑරීමේ කටයුතු කරගෙන යන අතර තුර වළට ජලය ගලා එමින් එය ළිඳක් බවට පත්ව ඇතත් එම ස්ථානයේ කැණීම් කටයුතු නතර කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් අපහසුකම් මධ්‍යයේ හෝ කැණීම් කටයුතු කරගෙන යන බව මුලතිව් පොලිසියේ නිලධාරීන් කියා සිටී.
මුලතිව් දිසා විනිසුරු ලෙනින් කුමාර් මහතා ඉදිරියේදී මෙම රත්තරන් සෙවීමේ කටයුතු සිදුවන අතර ඊට මුලතිව් දිස්ත්‍රික්කයේ සිටින සෑම ආරක්ෂක අංශයකම නිලධාරීහු සහභාගි වී සිටියහ.