BREAKING NEWS
latest

728x90

468x60

ගලෙන්බිඳුණුවැව ඕ.අයි.සී ට නෝනා නිසා මාරුවක්‌

නීතිඥ බිරිඳගේ නම මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් අනුරාධපුර මහ නගර සභාවේ අතිරේක ලැයිස්‌තුවට ඇතුළත් කර තිබීම හේතුවෙන් එම නීතිඥවරියගේ සැමියා වන පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර පොලිස්‌ කොට්‌ඨාසයේ සිට හලාවත පොලිස්‌ කොට්‌ඨාසයට ස්‌ථාන මාරුවක්‌ ලබාදී තිබේ.

ජාතික මැතිවරණ කොමිසමේ නිර්දේශය මත පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්‌ථාන මාරුව ක්‍රියාත්මක කර ඇත.

මෙලෙස හලාවත පොලිස්‌ කොට්‌ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්‌ථාන මාරු කර ඇත්තේ අනුරාධපුර පොලිස්‌ කොට්‌ඨාසයේ ගලෙන්බිඳුණු වැව පොලිසියේ ස්‌ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුජීව කුමාර මහතාය.

ඔහුගේ බිරිඳ වන නීතිඥ ස්‌වර්ණමාලි අනුරාධනායක මහත්මියගේ නම මෙවර පළාත් පාලන මැතිවරණයට අනුරාධපුර මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් අතිරේක ලැයිස්‌තුවට ඇතුළත් කර තිබේ.

මැදවච්චිය - ගයාන්
« PREV
NEXT »

Facebook Comments APPID