දෙවුන්දර මුහුදේදී ධිවර යාත්‍රාවක් සහ නෞකාවක් ගැටීමෙන් ධීවරයන් දෙදෙනෙක් මියගොස් දෙදෙනක් අතුරුදන් වී තිදෙනෙක් තුවාල ලබා තිබේ.
මෙසේ අනතුරට පත්වී ඇත්තේ වාහන රැගෙන හම්බන්තොට වරායට පැමිණෙමින් තිබු නැවක ගැටුණු බහු දින ධීවර යාත්‍රාවක් වූ නදීක 2 නමැති බහුදින යාත්‍රාවකි. මියගිය ධීවරයන් සහ තුවාල ලැබූ ධීවරයන් ගාල්ල ධීවර වරායට රැගෙන ඒමට නියමිත බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.