BREAKING NEWS
latest

728x90

468x60

අධිකරණය ඇතුළත ගංජා විකිණීමට පැමිණි අක්‌කයි මල්ලියි පොලිස්‌ කාන්තාවගේ උකුසු ඇසට

පුත්තලම අධිකරණය ඇතුළත ගංජා විකිණීමට පැමිණි අක්‌කා සහ මල්ලී දෙදෙනා 24 වැනිදා දහවල් ගංජා පැකට්‌ සමඟ අත්අඩංගුවට ගැනීමට අධිකරණ සංකීර්ණ පොලිස්‌ මුර පොළේ නිලධාරිහු සමත් වූහ.

කල්පිටිය - පල්ලියවාස්‌තුරේ පදිංචි මේ දෙදෙනා නඩු විභාගයක්‌ සඳහා මුදල් බැඳීමට යෑයි පවසා කුඩා දරුවකු ද අතැතිව පුත්තලම අධිකරණයට ඇතුළුවීමට උත්සහ ගෙන තිබිණි. ඒ මොහොතේ අධිකරණ භූමියේ පොලිස්‌ මුරපළේ රාජකාරී නිරතව සිටි පොලිස්‌ කාන්තාවක්‌ විසින් මෙම කාන්තාව පරීක්‌ෂා කළ අවස්‌ථාවේ ඇගේ තිසර පටය (තන පටය) තුළ තිබී ගංජා පැකට්‌ 07 ක්‌ හමු වී තිබේ. මල්ලිගේ මුදල් පසුම්බිය පරීක්‌ෂා කරන විට එහි තිබී එක්‌ ගංජා පැකට්‌ටුවක්‌ පොලිස්‌ නිලධාරින් සොයා ගෙන ඇත. මේ අනුව ගංජා පැකට්‌ 08 පොලිස්‌ නිලධාරීන් සොයා ගෙන තිබේ.

අධිකරණ ඇතුළත බන්ධනාගාර ගත කර ගෙන එනු ලබන විවිධ වැරදිවලට සිරදඬුවම් විදින උදවියට ඉතා සූක්‌ෂම අයුරින් මෙම පැකට්‌ වැඩි මුදලට අලෙවි කරන බව අධිකරණ පොලිස්‌ මුරපළේ නිලධාරීන් පැවසීය.

මෙම වැටලීම පුත්තලම අධිකරණ පොලිස්‌ මුරපළේa ස්‌ථානාධිපති පොලිස්‌ සැරයන් දයානන්ද (45831), පොලිස්‌ සැරයන් අබේපාල (13757), පො( කොස්‌තාපල්වරුන් වන අබේරත්න (30015), දසනායක (41320), කාන්තා පොලිස්‌ කොස්‌තාපල් චිත්‍රා (6930), අප්සරා (1943) යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළේaය. අත්අඩංගුවට පත් අක්‌කා මල්ලී පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
« PREV
NEXT »

Facebook Comments APPID