BREAKING NEWS
latest

728x90

468x60

නව වසරේ ආරම්භයත් සමඟ දඹුල්ල රෝහල සතුටු කළ අපූරු දරු උපත

2018 වසර ආරම්භයත් සමඟම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් වූ 27 හැවිරිදි මවක් තුන් නිවුන් දරු උපතක් සිදු කළ පුවතක් වාර්තා වුණා.

මෙසේ තුන් නිවුන් දරුවන් බිහි කොට ඇත්තේ දඹුල්ල පහල ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි ප්‍රියානි මලීකා ප්‍රනාන්දු වන එක්දරු මවක්.

මෙම තුන් නිවුන් දරු උපත සැලවීමත් සමඟ දඹුල්ල රෝහලේ මාතෘ හා ළමා වාට්ටුවේ සේවය කරන හෙද නිලධාරිනියන් දැඩි සතුටට පත්ව සිටින අයුරු එහි ගිය අප වාර්තාකරුට දැක ගැනීමට හැකියාව ලැබී තිඛෙනවා.



දඹුල්ල රෝහලේ ප්‍රසව හා නාරි විශේෂ දොස්තර හිරන්ති සෝලංගආරච්චි මහත්මිය විසින් මේ සාර්ථක දරුවන් උපත සදහා වෛද්‍ය දායකත්වය ලබාදී ඇත්තේ.

මෙම දරුවන් තිදෙනාම ගැහැණු දරුවන් වීම විශේෂත්වයක් වන අතර දරු තිදෙනාත් මවත් ඉතාමත් හොඳ නීරෝගී තත්වයේ පසුවන බව වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ.

මෙම දරුවන්ගේ මව කියා සිටියේ තමන්ට මීට පෙර එක් පුතෙකු සිටින බවත් එම පුතාට වයස අවුරුදු 5 ක් සපුරා ඇති බවයි.

එමෙන්ම තම සැමියා කොළඹ ප්‍රදේශයේ ලොරියක සේවය කරන අයෙකු බවත් දරුවන් තිදෙනා හදාවඩා ගැනීම සඳහා ආර්ථික දුෂ්කරතා පවතින බවත්ය.

දඹුල්ල මූලික රෝහලේ මාතෘ වාට්ටුවේ හෙද සොයුරියන් කියා සිටියේ දැනට අලුත උපන් දියණියන් තිදෙනාට මවගේ කිරි ප්‍රමාණවත් බවත් මව පෝෂණය කිරීමේ කටයුතු සිදු කළ යුතු බවයි.

මෙම දරුවන්ට කවුරුන් හෝ උදව් උපකාර කිරීමේ හැකියාවක් ඇත්නම් ඔවුන්ගේ ලිපිනය වන්නේ

ප්‍රියානි මලීකා ප්‍රනාන්දු
අංක 161 පහල,
ඇරෑවුල - දඹුල්ල.








« PREV
NEXT »

Facebook Comments APPID