BREAKING NEWS
latest

728x90

468x60

යාන්ත්‍රික දෝෂයකින් මුහුදේ පාවී තිබූ මීගමුවේ 'ඩියානා දුව' මාලදිවයින් නාවික දැලේ - යාත්‍රාව කැඩුණ කියල කීවාට කිසිම අනුකම්පාවක්‌ නැතිලු

ලාවත ඉරණවිල ප්‍රදේශයේ ධීවරයකුට අයත්ව තිබූ බහුදින ධීවර යාත්‍රාවක්‌ කාර්මික දෝෂයක්‌ නිසා ගැඹුරු මුහුදේ පාවී තිබියදී මාලදිවයින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය නොවැම්බර් මස 21 වැනි දින රාත්‍රියේ මීගමු ධීවර වරායෙන් මසුන් මැරීමට ගිය "ඩියානා දුව" නමැති බහුදින ධීවර යාත්‍රාව එම සේවකයන් පස්‌දෙනකුද සමඟ මාලදිවයින බෝඩරය සීමාවේ පාවෙමින් තිබියදී අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරක සිරකර ඇත. 


එරටේදී අත්අඩංගුවට පත් ඩියානා දුව ධීවර යාත්‍රාවේ නියාමක ලක්‍ෂ්මන් ජූඩ් 44 මහතාගේ බිරිඳ වන දමයන්ති මහත්මිය මෙසේ කීය. 

නොවැම්බර් 21 මීගමුවෙන් අපේ මහත්තය එක්‌ක බෝට්‌ටුවෙන් ගියා පස්‌ දෙනෙක්‌. රංගන හේමකුමාර (44), සෙමුතු පියංකර (24) තාරුකනාමල් (24) සහ ප්‍රැන්සිස්‌ රෝහණ (35) පසුගිය 28 වැනිදා අපේ යාත්‍රාවේ සුක්‌කානම කැඩිල දින 4 මුහුදේ පාවෙලා ගිහින් මාලදිවයිනේ බෝඩරයට ගිහින් නාවික ලාංඡ් එකෙන් ඇවිත් බලල ගිහින් තිබෙනවා. දෙවැනි පාර තව බෝට්‌ටුවක්‌ අල්ලගෙන යන ගමන් අපගේ කට්‌ටිය නැවත අල්ලගෙන ගිහින්. යාත්‍රාව කැඩුණ කියල කීවාට කිසිම අනුකම්පාවක්‌ නැතිලු. අපි ඉඩකඩං බැංකු වලට උගස්‌තියල මේ බෝට්‌ටුව අරගත්තේ. මේ අරං මාසයකින් මුළු ඇන්ජිමම අලුතෙන් හැදුවා. දැං අපේ සියලුම බලාපොරෝතු සුන්වෙලා ඉන්න වෙලාවක මේ සිදුවීම කොහොම ඉවසාගෙන ඉන්නද අපි ධීවර අමාත්‍යාංශයට කීපවිටක්‌ම ගියත් කිසිදු සතුටුදායක පිළිතුරක්‌ තවම ලැබුණේ නැහැ. මැති ඇමැතිවරු ළඟට දුවල දුක කියන්න පිරිමි කවුරුවත් නැහැ. පොඩි දරුවන්වන් බලාගෙන සේරම කරගන්නත් ඕනි. ධීවරයන්ගේ දරු පවුල්වල අඩුපාඩු සුරකින්නත් වෙලා.

එම ධීවර සේවකයන් හතරදෙනාගෙන් එක්‌ ධීවරයකුගේ බිරිඳක්‌ වන මිරිස්‌සගේ මොරින් චාරුණී මිරිස්‌සගේ

අපේ කට්‌ටිය ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්නේ. දැනට අපි දරුවන්වත් අරගෙන ධීවර අමාත්‍යාංශයට අට පාරක්‌ ගියා. අපව ගාණකටවත් ගත්තේ නැහැ. දරුවකුට තිබහට වතුර වීදුරුවක්‌වත් දෙන්නේ නැති හිත්පිත් නැති රජයේ නිලධාරීන් තමා ඉන්නේ. අපට කීවා මීට පස්‌සේ දරුවන්ව ගෙදර තියල එන්න කියල. මනුෂ්‍යයෙක්‌ අමාරුවේ වැටුනාම පාගලදාන පිරිසක්‌. අනේ ජනපතිතුමනි ඔබතුමාගේ කාරුණික හිතට අපේ දුක දැනී හෝ අපේ ධීවරයෝ ටික නිදහස්‌ කරල දෙන්න කියල තමයි අපට කියන්න වෙන කෙනෙක්‌ නැහැ."
« PREV
NEXT »

Facebook Comments APPID