BREAKING NEWS
latest

728x90

468x60

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්‌ට නඩු

ලංකා විදුලි පෞද්ගලික සමාගමට ඉඩම් හා දේපළ මිලදී ගැනීමේදී සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතාවලට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම වැළැක්‌වීම සඳහා අයුතු සහගත ලෙස නීතිපති වාර්තාවක්‌ ඉදිරිපත් කළේ යෑයි චෝදනා කරමින් හිටපු නීතිපතිවරයකු මෙන්ම හිටපු අගවිනිසුරුවරයකු ද වන මොහාන් පීරිස්‌ මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (18 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

මොහාන් පීරිස්‌ මහතාට මෙන්ම එම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස නම්කොට ඇති හිටපු නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් වර්තමාන අභියාචනාධිකරණ විනිසුරු ඒ. එච්.එම්. ඩී. නවාස්‌ සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එම්. එම්. සී. µර්ඩිනන්ඩස්‌ යන මහත්වරුන්ටත් ලබන මාර්තු 8 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි යෑවීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා නියෝග කළේය.

එම දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තාකිරීමට එවකට පැවැති රජය විසින් පත්කළ සිරිපාල ගම්ලත් පතිරාජ කමිටුව හා රත්නපාල ඩයස්‌ ජයතිලක කමිටුව විසින් එම දේපළ මිලදී ගැනීමේදී දූෂණයක්‌ සිදුවී ඇති බවත් එයට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසටත් නිර්දේශ කොට තිබුණි.

2010. 12.01 හා 2010.12.30 වකවානුවේ නීතිපතිවරයා ලෙස කටයුතු කළ මෙහාන් පීරිස්‌, එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්වරයකු ලෙස කටයුතු කළ අභියාචනාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්‌ යන මහත්වරුන් එකී කමිටු නිර්දේශ අනුව කටයුතු නොකර එම දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට නඩු පැවරීම සඳහා නීතිපති වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමෙන් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන පනත යටතේ ගැනෙන දූෂණය නමැති වැරදි සිදුකර ඇතැයි අල්ලස්‌ කොමිෂන් සභාව එමගින් චෝදනා නගා තිබුණි.

එම සැකකරුවන් තිදෙනාට ලබන මාර්තු 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා නියෝග කළේය.



« PREV
NEXT »

Facebook Comments APPID