BREAKING NEWS
latest

728x90

468x60

විල්පත්තු අභයභූමියේ 2017 ආදායම පන් කෝටිය පනී

2017 වර්ෂයේ විල්පත්තු වනෝද්‍යානය සංචාරකයන්ගෙන් ලැබූ ආදායම රුපියල් පන් කෝටි හැත්තෑ හය ලක්‌ෂ පන්දහස්‌ තිස්‌හතරක්‌ වන බවත් එම මුදල වෙනත් වර්ෂවලට වඩා වාර්තාගත ආදායමක්‌ බව විල්පත්තු වනෝද්‍යානයේ භාරකරු චමත් ලක්‌ෂ්මන් පෙරේරා මහතා සඳහන් කරයි.

මෙහිදී එම වසර තුළ දේශීය සංචාරකයන් හතළිස්‌ නවදහස්‌ දාහතරක්‌ (49,014) හා විදේශීය සංචාරකයන් විසිහයදහස්‌ හයසිය දොළහක්‌ (26,612) විල්පත්තු ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණ තිබේ.

මින් වසරේ වැඩිම සංචාරකයන් ගණනක්‌ වාර්තා වී ඇත්තේ ජුලි මාසයේය. එම මාසය තුළ පමණක්‌ දේශීය සංචාරකයන් හාරදහස්‌ තුන්සිය පහක්‌ (4,305) ක්‌ හා විදේශීය සංචාරකයන් තුන්දහස්‌ නවසිය පනස්‌හතක්‌ (3,957) නැරඹීමට පැමිණ තිබේ. එහිදී එම මාසය තුළ උපයා ඇති මුදල රුපියල් එක්‌කෝටි විසිඑක්‌ ලක්‌ෂ තිස්‌ එක්‌දහස්‌ දෙසිය නවයකි. 


« PREV
NEXT »

Facebook Comments APPID