BREAKING NEWS
latest

728x90

468x60

වැඳල කිව්ව සර් මගේ වචනවලින් හිත රිදුණ නම් කනගාටුයි - නාමයෝජනා කමිටුවේ ගුරුතුමා සහ ගෝලයා

ගුරු ගෝල සටන් රජ කාලෙ ඉඳලම තිබුණ. මේකත් ඒ වගේ හුටපටයක්. පොහොට්ටුවෙ නාමයෝජනා හදන්න ගිහිල්ල බන්දුලතුමයි උදය උන්නැහෙයි ලොකු වාදෙක පැටලුණා...

වාදෙ කොච්චර සැර වුණාද කිව්වොත් අසූහාරදාහට කේන්ති ගිය බන්දුලතුමා යන්නම නැඟිට්ටලු.

ඒ පාර කට්ටිය මැදිහත් වෙලා ගින්න ටිකක් නිව්වට බන්දුලතුමා හිටියෙ තරහෙන්. උදය උන්නැහෙත් තමන්ගෙ අපේක්ෂකයන්ට සාධාරණය ඉටුනොවීම ගැන කේන්ති පිට හිටිය බවයි ආරංචි.

ඉතින් මේ දෙන්න මෙහෙම අරෝවක් ඇතිකරගත්තට තිරය පිටුපස්සෙ අපි නොදන්න කතාවක් තිබුණ... ඒ කලකට පෙර බන්දුලතුමා ගුරු කාලෙ උදය ගෝලයෙක් හැටියට උන්නැහේගෙන් ආර්ථික සාත්තරේ ඉගනගත්ත කතාවයි.

සමහරවිට බන්දුලතුමා උදයත් එක්ක කේන්ති ගත්තෙත් මේ ගුරු ගෝල කතාව නිසා වෙන්න ඇතිලු...

කොහොමහරි අන්තිමට උදයට වැඩේ තේරුණා...

දේසපාලනේ මොනව වුණත් තමන්ට උගන්නපු ගුරුතුමාට ගුරු ගෞරවය තියන්න ඕන කියලා හිතපු උන්නැහේ නාමයෝජනා කමිටුව ඉස්සරහදිම කවුරැත් නොසිතපු විදියට තමන්ගෙ ගුරු බන්දුලතුමාගෙ දෙපා වැන්දා...

වැඳල කිව්ව සර් මගේ වචනවලින් හිත රිදුණ නම් කනගාටුයි... කියලත්.

ඒක හැඟීම්බර අවස්ථාවක් වගේම පටු දේශපාලනේ ඉක්මවා ගිය ගුරු ගෝල සබඳතා තිබෙන බව පටු දේශපාලනඥයන්ට පෙන්නපු අවස්ථාවක්...
« PREV
NEXT »

Facebook Comments APPID