BREAKING NEWS
latest

728x90

468x60

ලංකාවේ විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් පළමුවරට එවරස්ට් තරණයට එක්වෙලා

පළමුවරට ලංකාවේ විශ්වවිද්‍යාලයක් මගින් සිදුකරන 'එවරස්ට් මූල කඳවුර' (Base Camp) සහ අයිලන්ඩ් කඳු මුදුන (Island Peak) උස අඩි 20305 ft තරණයට ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ කණ්ඩායමක් නේපාලය බලා පිටත්ව ගොස් ඇත.

ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ 'Adventure and Mounterning Association' මගින් මෙම එවරස්ට් ගවේෂණය සංවිධානය කර ඇත.

මෙම පිරිස දෙසැම්බර් 9ත් දෙසැම්බර් 31ත් අතර කාල සීමාවක් තුළ මෙම ගවේෂණය කිරීමට නියමිත වේ .

මෙහිදී මෙවර පිටත් වූ කණ්ඩායමට ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන් වන භාතිය තිසේරා ද ඇතුළත් වී සිටීම විශේෂ සිදුවීමක් වන අතර ඔහු කොළඹ ආනන්ද විද්‍යාලිය ආදී සිසුවෙක් වන අතර වයස 15 දී ද ඔහු එවරස්ට් මූල කඳවුර තරණය කර ඇත.

මෙවර සහභාගී වූ ( A ) කණ්ඩායම පහත පරිදි වේ .
1. භාතිය තිසේරා ( කළමණාකාර අධ්‍යක්ෂක)
2. එෂාන් ඕෂධ
3. දිල්ෂාන් නවින්ද
4. මනීෂ චන්දුල

2018 අප්‍රේල් මස භාතිය තිසේරා මහතා එවරස්ට් කඳු මුදුන (උස 29029 ft) තරණය කිරීමට නියමිත අතර ඒ සදහා සහභාගී වන ( B ) සහාය කණ්ඩායම පහත පරිදි වේ.
1. ඉරංග ශ්‍රීමාල්
2. උපුලිත කුමාරසිංහ
3. මොහොමඩ් කලාෆ්
4. ආකාෂ් සඳකැලුම්
5. පසිඳු ඊගල්ල

ඔවුන්ද ඉහත සඳහන් මූල කඳවුර ( Everest Base Camp ) සහ Island Peak තරණය කිරීමට නියමිත වේ.

ඉදිරි සතිය පුරාම ගවේෂණ කණ්ඩායමට සෙත් පතා ස්ථාන කිහිපයකදී ආගමික වැඩසටහන් සහ බෝධි පුජා පැවැත්වීමටද නියමිතය.

දෙසැම්බර් කාලය යනු එම ප්‍රදේශයේ තුළ උෂ්ණත්වය (C° - 20) ප්‍රමාණයට පහළ බසින කාල වකවානුවකි.

එමෙන්ම කඳුකර ප්‍රදේශයක් නිසා ඔක්සිජන් මට්ටම ඉතාම පහළ අගයක් ගන්නා අතර වායු පීඩනයද ඉතාම පහළ අගයක් ගනී. මේ නිසා (උන්නතාංශය) නිසා ශරීරයට මේ වෙනසට අනුගත වීමට නොහැකි වුවහොත් මරණීය තත්ත්වයක් ඇති වේ.

උන්නතාංශය වෙනස නිසා ඔවුන් මෙම ගමන තුළ දිනකට පැය කීපයක් පමණක් ගමනේ නිරත වන අතර බොහෝ දුරට 4 වන දිනයෙන් පසු සන්නිවේදනය නොමැති කලාපයකට ළගා වේ.

මේ සදහා ජාවා ගවේෂණ කණ්ඩායමට ලංකාව තුළදී ශ්‍රී පාදය, යක්ෂයන්ගේ පඩිපෙළ, හෝර්ටන් තැන්න, කිරිගල්පොත්ත, නමුණුකුල ආදී ප්‍රදේශ වල දිනකට 60km ආවරණය කරමින් එක දිගට දින කීපය බැගින් වන පුහුණුවන් සම්පූර්ණ කර ඇත.

මෙම ආයතනය තුළ ඉගෙන ගන්නා සිසුන්ට නිරන්තරව ගවේෂණ අත්දැකීම් රැසක් හිමි වීම සිදු වේ.

මෙරට විශ්ව විද්‍යාලයකින් සහභාගී වන පළමු නිල එවරස්ට් base camp & island peak ගවේෂණ කණ්ඩායම මෙය වේ.





« PREV
NEXT »

Facebook Comments APPID