BREAKING NEWS
latest

728x90

468x60

ඔබේ ශරීරයේත් මේ දේවල් පිහිටා තිබෙනවාද..?

නම්‍යශීලී දිව.

දිව ඕනෑම අතකට නැවිය හැකි යැයි අප සිතා ගෙන සිටියත් ඇත්තටම එසේ නැහැ.

දිවෙහි නම්‍යශීලීත්වය ජානමය ලක්ෂණ අනුව වෙනස් වෙනවා. වඩාත්ම නම්‍යශීලී දිවක් ඇත්තේ ඉන්දියානුවන්ට බවයි පර්යේෂකයන් පවසන්නේ.

ලෝකයේ මිනිසුන්ගෙන් 1% පමණක් දිව තුන්වරක් රෝල් කළ හැකියි.

සෙලවිය හැකි කන්.

මිනිසුන්ට කන් සෙලවීමට හැකිද? සතුන්ට නම් පුළුවනි. නමුත් ලෝකයේ වෙසෙන මිනිසුන්ගෙන් සියයට විසිදෙකකට එක කනක් සොලවන්නට පුළුවනි. කන්දෙකම සෙලවිය හැකි මිනිසුන් ප්‍රතිශතය සියයට දහඅටක්.

කකුලේ ඇඟිලි සෙලවිය හැකි මිනිසුන්.

කකුලේ ඇඟිලි වෙන වෙනම සොලවන්නට පුළුවන්ද? උත්සාහ කර බලන්න. එය කළ නොහැක්කේ කකුලේ ඇඟිලි මහපට ඇඟිල්ල සමග එකම මස්පිඬුවකින් සම්බන්ධ වී තිබීම නිසායි. පාදයේ සුළැඟිල්ල පමණක් සෙලවිය හැකි මිනිසුන් ලෝකයේ ඉතාම දුර්ලභයි.

ඔබේ වැලමිට දිවෙන් ස්පර්ශ කළ හැකිද?

ලෝකයේ මිනිසුන්ගෙන් සියයට එකකට පමණක් මේ හැකියාව තිබෙනවා.

ලෝකයේ මිනිසුන්ගෙන් සියයට විස්සක් දෙනාට ඉදිරි දත් අතර විශාල හිඩසක් පිහිටා තිබෙනවා.

ඇහිබැම එසවීම.

තනි ඇහිබැමක් ඉහළට ඔසවන්නට ඔබට පුළුවන්ද? මේ හැකියාව ඇති අය නම් ලෝකයේ අතිශයින්ම දුර්ලභයි.

කම්මුල් වල ගැසීම.

ලෝක ජනගහණයෙන් සියයට විසිපහක පිරිසකට සිනහවෙද්දී කම්මල් වල ගැසෙනු දැකිය හැකියි.

කන්වලට ඉහළින් පිහිටි සිදුරු.

ආසන්න වශයෙන් ජනගහණයෙන් සියයට පහකට කන් වලට ඉහළින් සිදුරු පිහිටනවා.

මහපටැඟිල්ල අංශක අනූවක් ආපසු හැරවිය හැකිද?

උත්සාහ කර බලන්න. අනිවාර්යයෙන්ම එය වේදනාකාරී වේ. නමුත් ලෝකයේ 25% පිරිසකට මේ හැකියාව තිබෙනවා.
« PREV
NEXT »

Facebook Comments APPID