BREAKING NEWS
latest

728x90

468x60

තනූජා සිරසේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වේ


සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ,වැඩ සටහන් නිෂ්පාදිකාවක් සහ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස වසර 19ක කාලයක් සේවය කළ තනූජා ජයවර්ධන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.


ඇය MBC අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් YFm නාලිකා ප්‍රධානී තනතුර ඇතුළු සියළු තනතුරුවලින් 2017 දෙසැම්බර් මස 06 දින සිට ඉල්ලා අස්වී ඇත.

ඇය මෙරට ටෙලිවිෂන් කලාවේ සිය අනන්‍යතාව සනිටුහන් කළේ "රස රිසි ගී" නම් වූ සංගීත වැඩ සටහන තුළිනි.




2005 වර්ෂයේදී මහාරාජා ආයතනය විසින් "තාරුණ්‍යයේ රේඩියෝ නාලිකාව" ලෙසින් හඳුන්වා දුන් වයි එෆ්.එම් (YFm) නාලිකාව 2012 දක්වා වසර 07ක්ඉතා සාර්ථක ලෙස මෙහෙයවූයේ තනූජා ජයවර්ධනය.

2013 වසරේ සිරස TV සතියේ දින වැඩ සටහන් ප්‍රධානී ලෙස පත් වූ ඇයව කළමණාකාරීත්වය විසින් 2015 වසරේදී MTV, MBC ප්‍රවර්ධන අධ්‍යක්‍ෂ ධුරයට පත් කෙරුණි.

පසුගියදා තනූජා යළිත් YFm නාලිකා ප්‍රධානී ලෙසින් සහ MBC අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත්කෙරිණි.
« PREV
NEXT »

Facebook Comments APPID