BREAKING NEWS
latest

728x90

468x60

ගමින් කොළඹට ඇවිත් පිරිමින්ට කම්සැප දුන් පිළියන්දල රූමතියෝ

පිළියන්දල, මොරටුව පාරේ අයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා එහි සිටි කාන්තාවන් අට දෙනෙකු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.


ලැබුන තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර තිඛෙන්නේ.


කුලී පදනම මත ගත් දෙමහල් නිවසක මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් ඉගිනියාගල,හික්කඩුව,අම්පාර හා දඹුල්ල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් වයස අවුරුදු 20 ත් 25 ත් අතර පසුවන රූමතියන් බවයි සඳහන් වන්නේ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රැකියාවල නිරතවන බවට සිය දෙමාපියන්ට පවසා මෙම තරුණියන් අදාළ ජාවාරමේ නිරතව ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිඛෙන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
« PREV
NEXT »

Facebook Comments APPID